Cricket NewsEXCLUSIVEInternational

වැලමිට ආබාධය හේතුවෙන් දසුන් ශානකගේ මෙවර ලෝක කුසලාන ගමන හමාර වේවිද ?

ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙවර ලෝක කුසලානය වෙනුවෙන් මුහුණ දෙන දෙවන පුහුණු තරඟයට එක්වනවා.අද තරඟයට ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන අතර ඊට හේතුව ලෙසින් සඳහන් වන්නේ ඔහු වැලමිට ආශ්‍රිතව ආබාධයකට ලක්ව තිබීමයි.

දසුන් ශානක යනු ආබාධවලට සැලකිය යුතු ලෙසින් ගොදුරු නොවූ ක්‍රීඩකයෙකු වීමත් කලකට පසුව මෙසේ සිදුවීමත් විශේෂත්වයක්.

කෙසේ නමුත් දසුන් වෙනුවට අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කුසල් මෙන්ඩිස්.

දසුන්ගේ අබාධය හේතුවෙන් ලෝක කුසලානය තුල ඔහුගේ ගමන කෙසේ වේවිද යන්න පිළිබඳව නිසි සඳහනක් තවමත් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
3
+1
26
+1
8
+1
9
+1
18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button