Cricket NewsEXCLUSIVE

“ඉන්දීය ක්‍රීඩකයින් තහනම් උත්තේජක පරීක්ෂණයට හසු නොවන ලෙස සකස් කළ විවිධ එන්නත් ලබාගන්නවා” – ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානි චේතන් ශර්මා ආන්දෝලනාත්මක අනාවරණයන් කිහිපයක් සිදු කරයි

ඔස්ට්‍රේලියානු මාධ්‍ය තුල ඉතා වේගයෙන් සංසරණ වූ පුවතක් බවට ඉන්දීය ක්‍රීඩකයින් තහනම් උත්තේජනක පරීක්ෂණය මුලා කරමින් විවිධ එන්නත් තරඟයට සූදානම් වීම සඳහා ලබාගන්නා බව එරට තේරීම් කමිටු ප්‍රධානියා විසින් හෙලි කිරීමේ පුවත පත් වී තිබේ. මෙහිදී චේතන් ශර්මා විශාල ආන්දෝලනයකට තුඩු දීමට නියමිත කරුණු කිහිපයක් හෙල් කර තිබෙන බවට ඉන්දීය මාධ්‍ය අද වාර්ථා කර තිබුණි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ සමත් වීමට පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් එන්නත් ලබා ගන්නා බවත් එම එන්නත් කිසිම විටක BCCI හි වෛද්‍ය කණ්ඩායම විසින් නියම කර නොමැති බව. තහනම් උත්තේජක යටතේ වර්ගීකරණය කළ හැකි නමුත් BCCI මගින් පවත්වනු ලබන තහනම් උත්තේජක පරීක්ෂණ වලදී හසු නොවන ඖෂධ එම එන්නත්වල අඩංගු වන බව ඔහු කියා සිටියේය. ඒ අනුව, ශරීර යෝග්‍යතාව මත නුසුදුසු ක්‍රීඩකයින් ඉන්දීය කණ්ඩායමේ තම ස්ථානය වෙන් කර ගැනීමට සමත් වන බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම හිටපු නායක විරාට් කෝලි විශ්වාස කළේ තමාට එක්දින නායකත්වයෙන් ඉවත් කිරීමට බල කළේ සෞරව් ගංගුලි බවත් ඒ නිසා ඔහු ආන්දෝලනාත් මාධ්‍ය හමුවක් පැවැත්වූ බවත් ශර්මා කියා සිටියේය. ඉන්දීය කණ්ඩායමේ Dressings Room එක තුල විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා අතර කණ්ඩායම් දෙකකට බෙදී ඇති නමුත් ඔවුන් අතර විරසකයක් නොමැති බවත් ජස්ප්‍රිත් බුම්රා විස්සයි-20 ලෝක කුසලානයට පෙර දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කිරීමට යෝග්‍ය නොවුනු පසුබිමක ඔහුව එම තරඟය සඳහා ක්‍රීඩා කරවීමට සැලැස්වූ බව ද ඔහු ප්‍රකාශ කලේය.

බ්‍රෝඩර්-ගවස්කාර් තරඟාවලිය සඳහා ඉන්දියාව විසින් ලබා දුන් තණතීරු පිළිබඳව එතරම් සතුටුදායක නොවන ඔස්ට්‍රේලියානු මාධ්‍ය දිගින් දිගටම මෙම ප්‍රශ්නය පසුපස හඹායන බවක් මේ වන විට පෙනෙන්නට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7