Cricket NewsEXCLUSIVEInternational

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම කථානායක හින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව, රැස්වීම අතරතුර උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් පුහුණු කඳවුරක් ද ඇතුළත් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පහසුකම් සැලසීම පිළිබඳව කථානායකවරයාට කෘතඥතාව පළ කළේය.

උගන්ඩා ජාතික කණ්ඩායම 2024 ජනවාරි 3 සිට 6 දක්වා උගන්ඩාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ 27 වැනි සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී කථානායකවරයාගෙන් උගන්ඩා ක්‍රිකට් සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව උගන්ඩා ජාතික කණ්ඩායමට පහසුකම් සැලසිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button