Cricket NewsEXCLUSIVEInternational

පළමු ටෙස්ට් තරඟය අතරතුර දකුණු අප්‍රිකාව තමන්ට අශෝභන ලෙස වාග්ප්‍රහාර එල්ල කරාට බංග්ලාදේශය ICC ය වෙත පැමිණිලි ගොනු කරයි !

ICC withdraws disciplinary proceedings against Kusal Perera - Sports Integrity Initiative

සංචාරක බංග්ලාදේශය කණ්ඩායම දකුණුඅප්‍රිකාවට එරෙහිව ඩර්බන් හිදී පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 220 ක අවමන් සහගත පරාජයක් ලැබුවේය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අශෝභන ලෙස තමන්ට වාග් ප්‍රහාර එල්ල කිරීම සහ සමස්ත විනිසුරුවන් පිළිබඳව නිල පැමිණිල්ලක් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලට අපේක්ෂාවෙන් සිටින බව සඳහන් ය.

BCB ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ජලාල් යුනුස් ESPN වෙබ් අඩවියට පැවසුවේ “ඔවුන් මහමුදුල් හසන් පිතිකරණයට ගිය විට ඔහු වටකර ගත්තා.ඔවුන් යමක් කියමින් සිටියා. ඔහු කනිෂ්ඨ ක්‍රීඩකයෙකු බැවින් ඔහුට කිසිවක් ප්‍රකාශ කිරන්න උනේ නෑ . අපිට එය කණගාටුදායක උනා.අපි අපිට එල්ල වූ වාග් ප්‍රහාර ගැන පැමිණිලි කරන හැම විටම තත්ත්වය පාලනය කරනවා වෙනුවට විනිසුරුවරුන් අපේ ක්‍රීඩකයන්ට අවවාද කළා.අනිවාර්‍යෙන්ම වාග් ප්‍රහාර එල්ල කිරීම දෙපැත්තෙන්ම සිදුවුණා.නමුත් ඔවුන් එය ආරම්භ කර එය උඩට ගත් විට අපි විනිසුරුවන්ට පැමිණිලි කළා. එය පිළිගත නොහැකි විය. අපි එය නිසි ලෙස හෙළා දකිනවා. අපි විනිසුරුවරුන්ගේ තීරණ පිළිගත යුතුයි, නමුත් ICC මධ්‍යස්ථ විනිසුරුවන් නැවත සේවයේ පිහිටුවිය යුතුයි. ” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

කෙසේ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත මේ පිළිබඳව පැමිණිලි කිරීමට තමන් අපේක්ෂාවෙන් පසුවන බවය.

කෙසේන්මුත් පළමු තරඟය පරාජය වීමෙන් අනතුරුව බංග්ලාදේශය අඛණ්ඩව නිදහසට කරුණු දැක්වීම සිදු කරමින් තිබෙන බව පෙනෙන්නට තිබෙන බව අද වන විට ජාත්‍යන්තර මාධ්‍ය පුරාවට ප්‍රසිද්ධ සඳහන් වන කරුණක් බවට පත්ව තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7