Cricket NewsEXCLUSIVEInternational

“එක්දින තරඟ ආකෘතිය දිගු හා කම්මැලි සහගත බැවින්, තව අවුරුදු කිහිපයකින් එක්දින තරඟ ක්‍රීඩා කිරීමට කිසිවකුට අවශ්‍ය නොවේවි” – මොයින් අලී

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ට ක්ස් එක්දින ආකෘතියට සමු දීම පසුගිය කාලවකවානුව තුල දැඩි කතාබහක් නිර්මාණය කරන්නට සමත් වුණා. එහි ආසන්නතම සිදුවීම වූයේ මීට මාස කිහිපයකට ඉහතදී විශ්‍රාම ගත් එංගලන්ත ක්‍රීඩක මොයින් අලී ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ආකෘතීන් තුළ ඉහළ යන ජනප්‍රියතාවය හේතුවෙන් එක්දින තරඟ තවත් වසර කිහිපයකින් අවසන් ගමන් යා හැකි බව පැවසීමය, එමෙන්ම වර්ථමානයේ එය තවත් නීරස කිරීමට එහි සැකැස්ම හේතු වූ බවද ඔහු කියා සිටියේය.

කාලසටහන් අතිච්ඡාදනය වීම හේතුවෙන් එක්දින ක්‍රිකට් තරඟ තවත් නොබෝ කාලයකින් අතුරුදහන් විය හැකි බව ඔහු අනාවැකි පලකලේ මේ දිනවල පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් තරඟාවලිය අතරතුරදී ඉදිරිපත් කරන KP ස්නැක්ස් වැඩ සටහනේ සමාරම්භක වැඩසටහනට එක් වෙමින්.

එක්දින තරඟ වලට විශාලතම බලපෑමක් එක් කල හැකි කරුණ නම් අසමතුලිත තරඟ ලැයිස්තු හා කාලසටහන් හේතු වන බව ඔහු කියා සිටි අතර එම කාලසටහන් ලිහිල් කිරීමට කිසිවක් නොකළහොත් එක්දින ජාත්‍යන්තර තරඟ ඉදිරි වසර කිහිපය තුලදී අවසන් වනු ඇති බවට ඔහු මත පල කලේය.

“ආකෘති තුනේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ නම් එය හොඳම ක්‍රිකට් වේ. නමුත් මම කනස්සල්ලට පත්වන්නේ එහි බොහෝ තරඟාවලි තිබීමයි, ක්‍රීඩකයින් දැන් වැඩිපුර විශ්‍රාම යමින් සිටිනනේ ඒ නිසා වන්නටත් පුලුවන් – ඒ වගේම අතිච්ඡාදනය වන කාලසටහන් නිසා ඔබට තවත් ඉක්මනින් විශ්‍රාම යෑමක් සඳහා පොළඹවනවා”

නව ආකෘතීන් සඳහා තවත් ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වනු ඇතැයි මොයින් අලි විශ්වාස කරයි.

“මට දැනෙනවා සමබරතාවයක් නැහැ කියලා. එය සෑම තැනකම පවතිනවා මේ සඳහා යමක් කළ යුතුව තිබෙනවා මන්ද වසර කිහිපයකින් පන්දුවාර පනහේ ආකෘතිය අහිමි වේ යැයි මම බිය වෙනවා. ඒක හරියට දිගු නීරසක් වගේ. ඔබට විස්සයි-20 තරඟ ලැබී ඇති අතර ඔබට ටෙස්ට් තරඟ ලැබී ඇත, ඒවා විශිෂ්ටයි, පසුව පන්දුවාර 50 තරඟ ඒ මැදට ඇත. මේ මොහොතේ එයට කිසිදු වැදගත්කමක් ලබා දී නැහැ. ඒක සිදුවෙමින් පවතිනවා වැඩියි කියලා මට හිතෙනවා. එයත් එක් ආකාරයකින් විශිෂ්ටයි, මන්ද සෑම විටම ක්‍රිකට් ක්‍රීඩා කරන නමුත් එය කිසි විටෙකත් ජාත්‍යන්තර ක්‍රිකට් වලට බාධා නොකළ යුතු බව මට හැඟෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button