Cricket NewsEXCLUSIVET10 League

ලොව ⁣වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 තරඟාවලියේ Northern Warriors කණ්ඩායම සිය නිත්‍ය ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව නම් කරයි.!

ලොව ⁣වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 පන්දුවාර 10 තරගාවලියේ දී මෙවර සිය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගව නම් කිරීමට Northern Warriors කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර කටයුතු කළා.

පසුගිය 2021 වසරේ Deccan Gladiators කණ්ඩායම නියෝජනය කරමින් Abu-Dubai T10 තරඟාවලියේදී සුපිරි දස්කම් දැක්වූ වනිඳු හසරංග Deccan Gladiators කණ්ඩායමට ශූරතාවය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. තරඟාවලියේ වීරයා සම්මානය ද හිමි වුයේ වනිඳු හසරංග හතයි.

එමෙන්ම පසුගිය තරග වාරය තුළ පමණක් කඩුලු 21 බිඳ හෙලූ වනිදු ඉතිහාසගත වූයේ T10 තරගාවලියක් තුළ පන්දු යවන්නෙකු බිඳ හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරගනිමිනි.

⁣නිත්‍ය ක්‍රිඩකයා ලෙස වනිඳු හසරංගව නම් කළ බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද Northern Warriors කණ්ඩායම තැබූ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7