Cricket NewsEXCLUSIVEInternationalRishie Bro

අලුත් තේරිම් කමිටුවෙනුත් කෙනෙහෙලිකම් වලට ලක්වන නුවනිදු ප්‍රනාන්දු ගැන රසිකයකු තැබු සටහන.

ඩෙබියු වෙන්නේ ඉන්දියාවේ !

දහස් ගානක ඉන්දියන් ක්‍රවුඩ් එකක් මැද තමන්ගේ මංගල එක්දින තරගයෙන්ම අර්ධ ශතකයක් රැස් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි මෙයා ඒ දේ කරා…

අවාසනාවකට ඊට පස්සේ ශ්‍රී ලංකාව තරග සංචාරය කල නවසීලන්ත තරග සංචාරයේදී නම් දරාපු පිතිකරුවන් වගේම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අලුතින් පා තබපු මේ පොඩි එකාත් තරග දෙකක් අසාර්ථක වුනා.

එතැනින් පස්සේ අනිත් අය කන්ඩායමේ ඒ විදිහටම ඒ තැන් වල ඉද්දි මේ පොඩි කොල්ලා විතරක් පැත්තකට කරලා තිබ්බා. නිමා වුනු සිම්බාබ්වේ තරගාවලියේ අවසන් එක්දින තරගයේ කලින් ඩෙබියු වෙලා හොද ආරම්භයක් අරන් නැවතත් කන්ඩායමේ අවස්ථාවක් එනකල් බලන් හිටපු මේ කොල්ලට අවස්ථාව නොදි තව එකෙක්ගේ ක්‍රිකට් ජීවිතේ විනාශ කරන්න පටන් ගත්තා. ඒ ශෙවෝන් ඩැනියල් කියන පොඩි කොල්ලවත් ඩෙබියු කරලා…

අන්තිමට නුවනිදු ප්‍රනාන්දුටත් වඩා මේ අති සුපිරි සංචිතයේ වැඩ්ඩෝ සිටින නිසා නුවනිදු ප්‍රනාන්දු කියන දක්ෂයා සංචිතයටවත් සුදුසු නැති එකෙක් ගානට වැටුනා. අශේන් බණ්ඩාරට වගේම නුවනිදුටත් වුනේ නිස්කාරනේම සංචිතයෙන් එලියට යන්න විතරයි ! 💔😞

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
2
+1
4
+1
13

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button