Cricket NewsEXCLUSIVEIPL

පැ.කි.මී 157.3ක ඉතිහාසගත වේගයකින් Lockie Ferguson යැවූ මෙවර IPL තරඟාවලියේ වේගවත්ම පන්දුව.!

පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසටයි.

ඉන්දිය සිනමා ගායක සුපිරි තරු රැසකගේ වර්ණවත් උත්සවයකින් පසු ආරම්භ වූ තරගාවලියේ අවසන් මහා තරඟයේන් Rajasthan Royals කණ්ඩායමට එරෙහිව 7 කින් තරඟය ජය ගත් Gujarat Titans කණ්ඩායම සිය කුළුඳුල් IPL තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුයේ IPL වංශකතාවේ නව පරිජ්ජේදයක් ආරම්භ කරමිනි.

ඒ අනුව වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායමට අනුශුරතාවයෙන් සෑහිමකට පත් වීමට සිදු වුනා.

මේ අතර එම අවසන් මහා තරඟයේදී තවත් සුවිශේෂී සිදුවීමක් සිදු වුනා. ඒ එතෙක් තරඟාවලියේ වේගවත්ම පන්දුව යවා තිබු Umran Malikගේ එම වාර්තාව බිඳ හෙලමින් නවසිලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Lockie Ferguson එම වාර්තාවට හිමිකම් කීමයි.

ඊට පෙර Umran Malik විසින් පැ.කි.මි 157.00ක වේගයෙන් යොමු කල තිබු පන්දුව IPL 2022 තරඟාවලියේ වේගවත්ම පන්දුව වූ අතර අවසන් මහා තරඟයේදී Gujarat Titans ක්‍රීඩක Lockie Ferguson පැ.කී.මි 157.3ක වේගයෙන් පන්දුවක් යැවීමට සමත් වුනා. එමන්ම එය ඉතිහාස ගත වුයේ IPL ඉතිහාසයේ වාර්තා වූ දෙවන වේගවත්ම පන්දුව ලෙසටයි.

එම අධිවේගී පන්දු යැවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button