Cricket NewsEXCLUSIVET10 League

වනිඳුගේ සුපිරි පන්දු යැවීම Deccan Gladiators කණ්ඩායමට ජය මාවත විවර කරයි – අදත් තරඟයේ වීරයා සම්මානයත්, වටිනාම ක්‍රිඩකයා සම්මානයත් ද්විත්වයම වනිඳුට.!

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

තරඟාවලියේ 21න තරගය ලෙස Delhi Bulls කණ්ඩායම සහ Deccan Gladiators අතර අද පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට Deccan gladiators කණ්ඩායම සමත්වුණා.

තරගය පුරාවය ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම වඩාත් කතාබහට ලක්වන සිදුවීමක් බවට ද පත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gladiators කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Delhi bulls කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Delhi bulls පිතිකරුවන් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 94 රැස් කිරීමට සමත් වුණා.

Delhi ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ Romario Shepherd පන්දු 10ක් තුළ වේගවත් ලකුණු 26 ක් රැස් කළ අතර Dominic Drakes ලකුණු 16ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී සිය පළමු පන්දු වාරයේ, පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් දැඩි පීඩනයක් Delhi bulls ක්‍රීඩකයින්ට යොමුකළ වනිදු හසරංග සිය පන්දු වාර 2 තුළ ලකුණු 13ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

Tymal Mills කඩුලු 2ක් බිම බිද හෙලුවා.

අනතුරුව ලකුණු 95ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Deccan gladiators පිතිකරුවන් පන්දුවාර 6කුත් එක් පන්දුවක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

Gladiators කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ Tom banton පන්දු 18ක් තුළ වේගවත් ලකුණු 46 ක් රැස්කිරීමට සමත්වූ අතර Najibullah Zadran පන්දු 11 ක් තුළ අධිවේගී ලකුණු 35 ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව පන්දුවාර 6කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 98 ක් ලබා තරඟය ජයග්‍රහණය කිරීමට Deccan Gladiators කණ්ඩායමසමත් වුණා.

මේ අතර Dream 11 ආයතනය විසින් නිවේදනය කරන ලද තරඟයේ වටිනාම ක්‍රීඩකයා බවට අදත් පත්වූයේ Deccan Gladiators නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංගයි.

එමෙන්ම අද තරඟය වීරයා සම්මානයද වනිදු හසරංගහට හිමිවුනා.

වනිදු මේ වන විට මෙවර T10 තරඟාවලිය තුල කඩුලු 13ක් දවාගෙන තිබෙන අතර එතෙක්.මෙතෙක් T10 තරඟාවලියක ක්‍රිඩකයකු ලබා ගන්නා ලද ඉහලම කඩුලු ගණන වන කඩුලු 18ට කඩුලු 5ක් පසුපසින් සිටිනවා.

මේ වන විට ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය වන T10 හි ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7