Cricket NewsEXCLUSIVE

“ආරම්භක පිතිකරුවන් අපිට හොඳ ආරම්භයක් අරන් දුන්නා, ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදි මෙවැනි ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කර ගැනීමට හැකි වීම ගැන සතුටුයි, මේක කණ්ඩායම් ලෙසින් ලබා ගත් ජයග්‍රහණයක්” – ශ්‍රී ලංකා නායක දසුන් ශානක

ඊයෙ පැවති දෙවන තරඟයෙන් ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 16කින් පරාජය කරමින් තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ සමත් වුනා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක, කුසල් මෙන්ඩිස්,චරිත් අසලංක, කසුන් රාජිත ඇතුළුව කණ්ඩායමක් ලෙස දස්කම් දක්වමින් ප්‍රභල ඉන්දියානුවන් ඉන්දියාවේදි පරාජය කිරීමට හැකි වීමත් ඉතිහාසගත තරඟාවලි ජයග්‍රහණය අභිමුවට පැමිණීමත් සමග ක්‍රිකට් ලෝකයේම අවධානය නැවතත් ශ්‍රී ලංකාව වෙත යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ඊයෙ ලැබු විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදි ජයග්‍රහණයේ නියමුවා මෙන්ම ශ්‍රී ලංකා නායකයා වූ දසුන් ශානක මෙලෙස අදහස් දක්වා සිටියා.

“මම හිතනවා එය නායකයෙක් විදිහට හොද දක්ෂතා දැක්වීමක් කියලා. අපිට තරගයේ මැද කොටස තව හොදින් කරන්න තිබුණා. ආරම්භක පිතිකරුවන් විසින් තමයි අපිට හොද ආරම්භයක් ලබාදුන්නේ. ඉනිමක් හොදින් අවසන් කිරීමට නම් මැදපෙළ පිතිකණය හොදින් තිබිය යුතුයි.

පින්න සාධකය නිසා නොවෙයි, සූණ්‍යකුමාර් සහ අක්ෂාර් පටේල්ගේ දක්ෂතාවය නිසායි ඔවුන් අපිට අවසානය තෙක් පීඩනය එල්ල කලේ. නමුත් අපි පීඩනය දරාගෙන අවසානය තෙක් තරගයේ රැදීසිටියා. විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව අපහසු තත්ත්වයන්වලදී මෙවැනි ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරගැනීමට ලැබීම ගැන ඇත්තෙන්ම සතුටුයි.”

මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button