Cricket NewsEXCLUSIVEInternational

ශිකර් ධවාන් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම කොරෝනා වැළඳෙයි.!

ශිකර් ධවාන් සහ ශ්‍රීයාස් අයියර් ඇතුළු ඉන්දීය කණ්ඩායමේ ක‍්‍රීඩකයින් සිව් දෙනෙකු ද, සහායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ද, කොරෝනා වයිරසය වැළ`දී ඇති බව වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය පෙබරවාරි 6 වනදා අහමදාබාද්හිදී ආරම්භ වේ.

කොදෙව් තරගාවලියට පෙර සිදුකරන ලද පී.සි.ආර්. පරීක්‍ෂණ වලින් පසුව ධවාන්, අයියර්, රුතුරාජ් ගයික්වාඞ් සහ නව්දීප් සයිනි සහ සහය කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට ධනාත්මක ප‍්‍රතිඵල ලැබී ඇත.

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජනවාරි 31, පෙබරවාරි 1 සහ පෙබරවාරි 2 යන දිනවල පී.සි.ආර්. පරීක්ෂණ සිදු කරන තිබේ. පළමු පරීක්ෂණයෙන් පසුව ශිකර් ධවාන්ට සහ නව්දීප් සයිනිට කොරෝනා වයිරසය වැළ`දී ඇති බව තහවුරු වූ අතර, රුතුරාජ් ගයික්වාඞ්ට සහ ශ්‍රීයාස් අයියර්ට පිළිවෙලින් දෙවන සහ තෙවන පරීක්ෂණවලදී ආසාදනය වී තිබේ.

ඒ අනුව තේරීම් කමිටුව විසින් පසුව මයන්ක් අගර්වාල් එක්දින සංචිතයට එක් කළේය. ජෛව බුබුලකට ඇතුළු වීමට පෙර ඉන්දීය කණ්ඩායම දින තුනක නිරෝධායනයකට ලක් කිරීමට නියමිතව තිබුණි.

ජනවාරි 28 වැනිදාට කළින් හෝටලයට ඇතුළු වීමට පෙර පී.සි.ආර්. පරීක්ෂණ සිදු කරන ලෙස ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක‍්‍රීඩකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණි.

”ආසාදිත ක‍්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා හුදකලා කරලා තියෙනවා. ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිනවා,” යැයි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරියෙක් තහවුරු කළේය.

තවමත් ඉන්දීය කණ්ඩායමට එක්වී නොමැති තුන් ඉරියව් ක‍්‍රීඩක අක්සාර් පතෙල්ට ද කොරෝනා වයිරසය වැළ`දී ඇති බව වාර්තා වේ. ඔහු විස්සයි සංචිතයට නම්කර ඇති අතර තරඟ තුනකික් සමන්විත විස්සයි20 තරගාවලිය පෙබරවාරි 16 වැනිදා සිට කොල්කටා හිදි ආරම්භ වේ.

අක්සාර් පතෙල් අහමදාබාද්හිදී ඉන්දීය කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව සිටි නමුත් එයද මේ හේතුවෙන් වැලකී ගියේය. ඉන්දීය කණ්ඩායමේ පන්දු විසිකිරීමේ විශේෂඥ රඝු මහතාටද කොරෝනා වයිරදය වැළ`දීම හේතුවෙන් සංචිතයට එක්වීමට නොහැකි විය.

මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය අනුව එක්දින තරඟාවලියේදී ක‍්‍රීඩාංගණයේ් දොරගුළු නරඹන්නන්ට වසා තැබිමට ගුජරාට් ක‍්‍රිකට් සංගමය විසින් තීරණය කර ඇත.

”බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ එක්දින තරඟාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමට අපි සූදානම්ව සිටිනවා. ඉන්දියාව සිය 1000 වැනි එක්දින තරඟය ක‍්‍රීඩා කරන බැවින් පෙබරවාරි 6 වනදා පැවැත්වෙන පළමු එක්දින තරඟය ඉතා සුවිශේෂී සහ ඓතිහාසික තරඟයක් වෙනවා.

ඉන්දීය කණ්ඩායම මෙම දස්කම දැක්වූ ලොව පළමු ක‍්‍රිකට් කණ්ඩායම වෙනවා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක‍්‍රීඩාංගණයේ සියලූම දොරටු වසා දමා තරග පවත්වනවා’’ යැයි ද ප‍්‍රාන්ත ක‍්‍රිකට් ආයතනය ට්විටර් පණිවුඩයක් මගින් ස`දහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7