Cricket GossipEXCLUSIVEInternational

පකිස්ථානය ලබන ජූලි මස පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය වර්ජනය කිරීමට සැරසෙයි !

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟාවලිය ලබන ජූලියේ මෙරටදී පකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.කෙසේ නමුත් මේ දිනවල පකිස්තානය හා ඉන්දියාව අතර ආසියානු කුසලානයේ සත්කාරකත්වය හේතු කොටගෙන තරමක දැඩි තත්වයක් නිර්මාණය වී තිබේ.සාම්ප්‍රදායික දේශපාලන තුල පස මිතුරන් වන ඔවුන් විටින් විට එය ක්‍රිකට් ක්‍රීඩාව තුලටද ඈඳා ගත් අවස්ථා සුලභය.

අවසන් වරට පැවැති ආසියානු කුසාලනය සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.මේ වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ පකිස්තානයයි.පකිස්තානය වෙත යෑම ප්‍රතික්ෂේප කරන ආසියානු ක්‍රිකට් බලවතුන් ආසියානු කුසලානයේ සත්කාරකත්වය වෙනත් දේශයක් වෙත ගෙන යාමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන්.

විටෙක ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩල රැස්වීමකදී වතමන් පකිස්තානු ක්‍රිකට් සභාපති නජාම් සේති මෘදු තීරණයක් කරා යමින් දෙමුහුණ් ආකෘතියක් යටතේ තරඟ පැවැත්වීමට යෝජනා කර තිබුණි.මෙයටද එතරම් ධනාත්මක ප්‍රතිචාර නොලැබෙද්දී බංග්ලාදේශය හා ශ්‍රීලංකාවද සිටගත්තේ ඉන්දීය පාර්ශවයේ බව මීට සතියකට පමණ ඉහතදී විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.

නමුත් දැන් එහි තත්වය වෙනත් අතකට පරිවර්තනය වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහිව පකිස්තානයද රළු පියවරක් කරා යමින් සිටින බව සඳහන්.යම් හෙයකින් මෙම දෙමුහුන් ආකෘතියට නොඑසේනම් පකිස්තානට ශ්‍රීලංකාවේ හිමි නොවුනහොත් ඔවුන් ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති ටෙස්ට් තරඟාවලිය වර්ජනය කරන බව සඳහන්.

කෙසේ නමුත් වසර ගණනාවකට පසු පකිස්තානය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සුරක්ෂිත ස්ථානයක් බව මුලුමහත් ක්‍රිකට් ලෝකයටම පෙන්වා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේ පූර්ණ තරඟාවලියක් සඳහා පකිස්තානයේ ලාහෝර් ඇතුලු ක්‍රීඩාංගණය කිහිපයකදී තරඟ වැදුණු අතර ඉන් පසුව ඔස්ට්‍රේලියාව,එංගලන්තය හා නවසීලන්තය වැනි රටවල් පවා පකිස්තානයේ තරඟ සංචාරයන් සඳහා එක්වීම කැපී පෙණුනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button