BPLCricket NewsEXCLUSIVEPremier League

තිසර පෙරේරා බංගලාදේශ ප්‍රිමියර් ලීගය හා එක් වෙයි…‼️

එළැඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමි වී තිබෙනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එළඹෙන තරගවාරයේදී Sylhet Stickers කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එසේම තිසර පෙරේරා මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක 24 හැවිරිදි කමිදු මෙන්ඩිස් ද Sylhet Stickers කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වුනා.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9වන අදියර එළඹෙන ජනවාරි මස 5වනදා ආරම්භ වීමට නියමිතයි. එසේම මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 7ක් තරග වදින අතර තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි මස 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7