Cricket NewsEXCLUSIVE

“චාමික කරුණාරත්න කියන්නෙ ජයග්‍රහණය කරන්නම ඉපදුන රණකාමියෙක්” – තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියයි.!

අද (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තරඟයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් ඕස්ට්‍රේලියානු ප්‍රභල කඩුලු තුනක් දවාගත් චාමික කරුණාරත්න හට තරඟයේ වීරයා සම්මානය හිමි වූ අතර එහිදී ඔහු මෙලෙද ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට ස්තූතිය පළ කර සිටියා.

“නුවර හැමෝටම කියන්න ඕනි බොහෝම ස්තුති. මොකද ඔයගොල්ලෝ මාර සපෝර්ට් එකක් දුන්නා. අපෙන් ළඟ ළඟ මැච් ගොඩක් ගියත් ඔයාලා ඇවිත් අපට ගොඩක් සපෝර්ට් කලා. ඔයාලා කියනවා වගේ මේ ගැම්ම ඉස්සරහට අරන් යනවා. අපි මේ සීර්ස් එක දිනන්න උපරිමයෙන් තරග වදිනවා. ඒ වගේම මේ සීරීස් එක අපි දිනයි කියලා හිතනවා.

එමෙන්ම තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක

“අපි පන්දුවට පහරදීමේදී ලකුණු අඩුවෙන් රැස්කරගෙන තිබුණේ..චාමික කරුණාරත්න කියන්නේ ජයග්‍රහණය කරන්නම ඉපදුන කෙනෙක් වගේ..මම පන්දුව ඔහුට ලබාදෙන සෑම විටම ඔහු කණ්ඩායමට අවශ්‍ය දේ ලබාදෙනවා. දුෂ්මන්තත් එහෙමයි.. දුනිත් ගැන ගොඩක් සතුටුයි. ”

“ඔහු ඉතාම උසස් තලයක සිටිනවා. මම ඔහු ගැන ලොකු විශ්වාසයකින් සිටිනවා.ඒ වගේම නුවර ප්‍රේක්ෂකයන් සියලුම දෙනාටම විශේෂ ස්තුතියක් මම පළකර සිටිනවා.”

මෙම ජයග්‍රහණයත් සමග තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින තරඟය එළඹෙන 19 වන දා කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7