Cricket NewsEXCLUSIVE

ප්‍රභල Mumbai Indians කණ්ඩායමට එරෙහිව වනිඳු හසරංගගෙන් සුපිරි පන්දු යැවීමක් – තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතරත් දෙවන ස්ථානයට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 18වන තරගය ලෙස ලෙස මහේල ජයවර්ධන විසින් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන Mumbai Indians සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය අද ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 6ක් දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුනා.

එහිදී Royal Challengers Bangalore වෙනුවෙන් වනිදු හසරංග සුපිරි පන්දු යැවීමක නිරත වුයේ සිය පන්දුවාර 4 තුල කඩුලු 2ක් දව ගනිමිනි.

මේ සමග ඉන්දීය ප්‍රිමියර් ලිග් 2022 තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානය කරා ඉදිරියට පැමිණීමට වනිදු සමත් වුයේ උමේෂ් යාදව් ට පමණක් දෙවැනි වෙමිනි.

වනිදු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීම පහතින්

M18: RCB vs MI – Kieron Pollard Wicket

M18: RCB vs MI – Dewald Brevis Wicket

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7