Cricket NewsDomestic CricketEXCLUSIVE

වනිඳු සහ මහිෂ් තීක්ෂණට අමතරව කුසල් මෙන්ඩිස් ගේ රතු බලකාය දඟ පන්දුවෙන් සවිමත් කරන්නට ප්‍රභාත් ජයසූරියත් කැඳවයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන SLC ආරාධිත විස්සයි විස්ස තරඟාවලිය ඊයේ ආරම්භ වූයේ ප්‍රභල රෙඩ්ස් කණ්ඩායමට හා බ්ලූස් කණ්ඩායම් ද්විත්වයට ජය හිමි කරදෙමිනි.

ආරම්භක දිනයේම තරඟාවලියේ පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙන ආකාරයක් දක්නට නොලැබුණි. කෙසේ නමුත් දඟ පන්දු යවන්නන් වේලසනින්ම තමන්ගේ පාරාදීසයක් බවට ආර් ප්‍රේමදාස තණතීරුව පත් කරගෙන තිබුණි.

ගතවූ මාසයක පමණ කාලය තුලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගමින් ඉකුත් ජූලි මාසයේ ජගත් අයිසීසි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් වූ ප්‍රභාත් ජයසූරිය ද මෙවර තරඟාවලිය සඳහා එක් ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද මාධ්‍ය වෙත නිවේදනය කලේ වමත් දඟ පන්දු යවන්නා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් කණ්ඩායමට එක් කර ඇති බවය.

ප්‍රමුඛත ඉදිරිපෙල දඟපන්දු යවන්නන්ගෙන් යුතු රෙඩ්ස් පන්දු යැවීමේ බලඇණියට ප්‍රභාත්ගේ කැඳවීමද තරඟාවලියට විශාල බලපෑමක් කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7