Cricket NewsEXCLUSIVESchool Cricket

දැවැන්ත හයේ පහර 31ක් සහ හතරේ පහර 63ක් සමග පාසල් ක්‍රිකට් තරගයකදී ලකුණු 553ක් රැස් කළ සුපිරි පිතිකරුවා.!

පාසල් ක්‍රිකට් පිටිය සැලකෙන්නේ අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන සුපිරි තරු බිහි වන දෝතැන්නක් ලෙසයි. ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නා පාසල් ක්‍රිකට් පිටියෙන් අද අපට විශේෂ පුවතක් වාර්තා වුවා.

ඒ එක් ඉනිමක් තුල දැවැන්ත හයේ පහර 31ක් සහ හතරේ පහර 63ක් එල්ල කරමින් ලකුණු 553ක් රැස් කල අපුරු ක්‍රීඩකයකු පිළිබඳවයි. ඒ ශාන්ත ජෝශප් කණ්ඩායමේ දනිඳු චිරාග්.

දනිදු චිරාග් මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති වයස අවුරුදු 15 න් පහළ තුන්වන කොටසේ තරඟයකදී ය.

දනිඳු මෙම තරගයේදී අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව පන්දු 204 කින් නොදැවී ලකුණු 553ක අති දැවැන්ත ඉනිමක් ගොඩනැගීමට සමත් වුණා.

ඔහුගේ මෙම දැවැන්ත ඉණිමට දැවැන්ත හයේ පහර 31 ක් සහ හතරේ පහර 63ක් ඇතුළත් වුණා. මෙම තරඟයේ දී පන්දුවෙන් දස්කම් ප්‍රදර්ශනය කළ ශාන්ත ජෝශප් විද්‍යාලයේ තිමිර බුද්ධිත කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වුණා.

ශාන්ත ජෝශප් කණ්ඩායම පළමු ඉණිමට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 722ක අති දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා, ඒ අනුව ලකුණු 723ක අති දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ලයිසියම් ජාත්‍යන්තර පාසලට සියලු දෙනා දැවී රැස් කරගැනීමට සමත් වූයේ ලකුණු 105ක් පමණයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක් වූ දිනිඳු මෙලෙස සඳහන් කර සිටියා,

“ඇත්තටම මට ගොඩක් සතුටුයි අපි ලොකු ලකුණු ප්‍රමාණයකට ගියා, ඒ වගේම මට අද ලකුණු ගහන්න ලැබුණා, පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා, මගේ බලාපොරොත්තුව තමයි දවසක ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button