Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු අයිසීසී ශ්‍රේණිගත කිරීම් වල තවත් ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු අයිසීසී කාන්තා විස්සයි20 පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීමේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේදී අතපත්තු ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 102ක් ලබා ගැනීමත් සමඟ විස්සයි20 පිතිකාරිනියන් අතර ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ හත්වැනි ස්ථානයේ සිටී.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසුවන අතපත්තු විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියාය. ශ්‍රී ලංකාවේ නිලක්ෂි ද සිල්වා ස්ථාන දෙකකින් ඉහළ ගොස් 48 වැනි ස්ථානය දක්වා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. විස්සයි20 පන්දු යැවීමෙන් ඉනෝෂි ප්‍රනාන්දු ස්ථාන පහකින් ඉහළ ගොස් 19 වැනි ස්ථානයටත්, උදේශිකා ප්‍රබෝධනී ස්ථාන පහක් ඉහළ ගොස් 30 වැනි ස්ථානය දක්වාත් ප්‍රගතියක් ලබා ගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button