Cricket NewsEXCLUSIVE

“රෝහිත් ශර්මාගේ නායකත්වය යටතේ ඉන්දියාව එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයටවත් සුදුසුකම් ලබන බවක් මට නම් පේන්න නැහැ” – හිටපු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි

ඊයේ ඉන්දීය කණ්ඩායම පිට පිට දෙවන වරටත් ඔවුන් මුහුණ දුන් ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟය පරාජයට පත් වූ අතර හිටපු ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන්ද ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා විලාශය නා නායකත්ව භූමිකාවන් ගැන ප්‍රශ්න කලේය.

වත්මන් ඉන්දීය නායක රෝහිත් ශර්මා හට ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා හෝ ඉන්දීය කණ්ඩායමට පැමිණිය නොහැකි බව හිටපු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි ට්වීට් සටහනක් ඔස්සේ කියා තිබුණි.

“රෝහිත් ශර්මාගේ නායකත්වය යටතේ ඉන්දියාව ICC කුසලාන දිනයි කියල මිනිස්සු මතයක් තියාගෙන ඉන්නවා.ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාව එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයකටටවත් සුදුසුකම් ලබන බවක් මට නම් පේන්න නැහැ.”

යනුවෙන් ඔහු එහ්දී තම අදහස ප්‍රකාශ කර තිබුණු අතර ශර්මාගේ නායකත්වය විවේචන එල්ල වීම ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟය පරාජය වීමේ එක් පැතිකඩක් පමණක් වීමත් විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
6
+1
4
+1
36
+1
6
+1
1
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button