Cricket NewsEXCLUSIVESocial Reaction

“කාලෙකට පස්සෙ අපේ සම්පුර්ණ ශක්තීන් සහිත කණ්ඩායම අද ක්‍රීඩා කරනවා, IPL අත්දැකීම් සමග ඔවුන් තවත් හොඳින් සටන් වදීවි” – ලසිත් මාලිංග

සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

මෙම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස මෙරටින් බිහි වූ පුරාවෘත ගණයේ වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංගට කටයුතු කර ලබනවා. එමෙන්ම ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වට ඉතා සමාන අයුරින් පන්දු යවන මතීෂ පතිරණ සහ නුවන් තුශාර ද මෙම ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව සිටින නිසා ඔවුන්ට ⁣ලැබෙන මෙම අත්දැකීම මිළ කල නොහැකි වනු ඇත.

මේ අතර අද පැවැත්වෙන තරඟය පිළිබඳව ලසිත් මාලිංග සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ටික කාලයකට පසුව ශ්‍රී ලංකාව සිය සම්පුර්න කණ්ඩායම ක්‍රීඩා කරවන බවත් IPL අත්දැකීමුත් සමග ඔවුන් තවත් දියුණු වී සටන් වඳීවි යනුවෙනි.

එහිදී මාලිංග තැබූ සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්,

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය දෙස උනන්දුවෙන් සතුටින් බලාගෙන සිටිනවා. අපි ටික කාලෙකට පසුව අපගේ සම්පුර්ණ ශක්තීන් සහිත කණ්ඩායම ක්‍රීඩා කරනවා. IPL අත්දැකීමුත් සමග ඔවුන් තවත් දියුණු වී සටන් වඳීවි. උද්වේගකාරී සහ තරගකාරී තරගාවලියක් නැරඹීමට බලාපොරොත්තු වෙනවා.

ලසිත් මාලිංග තැබූ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7