Cricket NewsEXCLUSIVEInternational

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන බව Morning Sports Twitter පිටුව කියයි.

Dunith Wellalage | Biography | Stats | Career | And More Update | The Players Profiles

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය අද (14 වැනිදා) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා/රාත්‍රී තරගයක් වන මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වන්නේ, විස්සයි-20 තරගාවලියේ සංයුතිය පවත්වාගනිමින්, එනම් පිතිකරුවන් 6 දෙනෙක් සහ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරගයට යාමයි.

එහිදී මහේෂ් තීක්‍ෂණ සහ වනිඳු හසරංග දෙදෙනාට අමතරව තවත් දඟ පන්දු යවන්නකුට අවස්ථාව ඇත. තුන්වැන්නාගේ ස්ථානය ප්‍රවීන් ජයවික්‍රම සහ දුනිත් වෙල්ලාලගේ අතර දෝලනය වෙමින් තිබේ.

“අපි සෙල්ලම් කරන්නේ විස්සයි-20 තරගය ක්‍රීඩා කරපු තණතීරුවේම තමයි. දුනිත් වෙල්ලාලගේ කියන්නේ දීප්තිමත් අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්.. එයාට මේ තරගයේදී අවස්ථාවක් තියෙන්න පුළුවන්” යයි ශ්‍රී ලංකා නායකයා කීවේය.

Guess who?' ft. Dunith Wellalage | ICC U19 Men's CWC 2022

දඟපන්දු යවන්නකු වුවද, තරගයක අවසන් ඕවර කිහිපයේදී, වේගයෙන් ලකුණු රැස්කරන අතරේම තම කඩුල්ලත් ආරක්‍ෂා කරගැනීමට ඇති සුවිශේෂී හැකියාව නිසා හෙට තරගයේදී දුනිත් වෙල්ලාලගේට සිය පළමු එක්දින හිස්වැස්ම පැළඳීමේ වැඩි අවස්ථාවක් තිබේ.

මේ අතර යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (14 ) සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන බව Morning Sports Twitter පිටුව වාර්ථා කර සිටි.

තවද ප්‍රවීණ ක්‍රීඩා මධ්‍යවේදියකු වන Rex Clementine ද සදහන් කර සිටියේ ශ්‍රි ලංකාවෙ 204 වෙනි ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගෙ අද එක්දින වරම් හිමි කරගනු ඇති බවයි.

ICC U19 World Cup: Dunith Wellalage show helps Sri Lanka demolish Australia | Cricket News | Zee News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7