Cricket NewsEXCLUSIVEIPL

මතිෂ පතිරණ ප්‍රමුඛ Chennai Super Kings පන්දු බලඇණිය ඉදිරියේ Mumbai Indians පිතිකරුවන් දණ නමයි – විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් තරඟයේ වීරයා සම්මානයත් මතිෂ පතිරණට.!

මෙවර IPL තරගාවලියේ 49වන තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 139ක් රැස් කිරීමට සමත් වුණා.

Mumbai Indians වෙනුවෙන් Nehal Wadhera පන්දු 51කදී ලකුණු 64ක් වාර්තා කිරීමට සමත් වුනා. Suryakumar Yadav ලකුණු 26ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතිෂ පතිරණ ලකුණු 15ක් තුල කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 140ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් පන්දුවාර 17.4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 140ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Chennai Super Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Devon Conway ලකුණු 42ක් රැස් කල අතර Ruturaj Gaikwad ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී Piyush Chawla කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
27
+1
9
+1
11
+1
3
+1
3
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7