Cricket NewsEXCLUSIVE

“ක්‍රීඩාගාරයේ ඉඳලා ක්‍රීඩා පිටියට මෙහෙම සංඥා ලබා දෙනවා නම්, නායකයාට තව මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?” – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු Chris Silverwoodට බංගලාදේශ ප්‍රේක්ෂකයන්ගෙ විරෝධය.!

ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර ඊයෙ පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතර දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එමෙන්ම වාර්තා අතරට එක් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරඟයක හඹා ගොස් ජයගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකා පුහුණුකරු Chris Silverwood මහතා පිටියේ ක්‍රීඩා කරන සිය ක්‍රීඩකයන්ට සංඥා ලබා දීමට අපුරු උපක්‍රමයක් භාවිතයට ගනු ලබනවා. විවිද Codes සඳහන් පුවරු ඔහු විසින් තරඟය අතරතුර ප්‍රදර්ශනය කරනු ලබනවා.

මිට පෙර ද ඔහු ශ්‍රී ලංකාව සහබාගි වූ තරඟ වලදී මෙම උපක්‍රමය භාවිත කල අතර එංගලන්ත කණ්ඩායම සමග සිටි සමයේදීද ඔහු මෙම උපක්‍රමය භාවිත කළා.

කෙසේ නමුත් ඊයේ තරඟය අතරතුර මෙම උපක්‍රමය භාවිත කිරීමට විරෝදාහය පල කරමින් බංගලාදේශ සමාජ මාධ්‍ය පරිශීලකයන් විරෝධය දක්වමින් තිබෙනවා. එහිදී ඔවුන් සඳහන් කර තිබෙන්නේ “මේ ක්‍රිකට් මිස පාපන්දු නෙවෙයි! ක්‍රීඩාගාරයේ ඉඳලා ක්‍රීඩා පිටියට මෙහෙම සංඥා ලබා දෙනවා නම්, නායකයාට තව මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?” යනුවෙනි.

අදාල විරෝධතා සටහනක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7