Cricket NewsEXCLUSIVEIPL

SRH පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කළ Ruturaj Gaikwadගේ සහ Devon Conwayගේ ගිණිකෙළි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 46වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායමත් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 202ක ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

මෙහිදී විශිෂ්ට පිතිකරණයක් දියත් කල Chennai Super Kings කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දේපල වූ Ruturaj Gaikwad සහ Devon Conway පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 182කක දැවැන්ත සම්බන්දතාවයක් පිහිටුවීමට සමත් වුයේ Sunrisers Hyderabadපන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමිනි

Ruturaj Gaikwad පන්දු 57කට මුහුණ දී ලකුණු 99ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුනා.

ඊට නොදෙවෙනි ඉනිමක් දියත් කල Devon Conway පන්දු 55ක් තුල ලකුණු 85ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 8ක් ඇතුලත් වුනා.

ඔවුන් දෙදෙනාගේ සුපිරි ගිනිකෙළි සැනකෙළිය පහතින් නරඹන්න

Ruturaj Gaikwadගේ ඉනිම

Devon Conwayගේ ඉනිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7