Cricket NewsEXCLUSIVETrending Articleඇසළගේ ක්‍රිකට් හෑල්ල

“මට ඕනි කොහොමහරි මේ කොල්ලව මට වැඩිය පොරක් කරන්න” – ලසිත් මාලිංග, මතිෂ පතිරණ පිළිබඳව අදහස් දක්වමින්..

“මං මතීෂ ගැන දැනගත්තේ 19න් පහළ ලෝක කුසලානයෙන් පස්සේ. මට මහේල කෝල් කරලා කිව්වා ‘නුවර කොල්ලෙක් ඉන්නවා මං වගේම බෝල දාන හැබයි එයාව මැච් එකක සෙල්ලම් කරවන්න අමාරුයි, කොල්ලගේ කන්ට්‍රෝල් එක පොඩ්ඩක් මදි, මොනාහරි කරන්න පුලුවන්ද’ අහලා.”

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නමක් වෙන ලසිත් මාලිංග, පොඩි මාලි ඒම නැත්නම් මතීෂ ගැන කතා කරලා තිබ්බේ ලෝක ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ESPNcricinfo සමඟ පැවති සාකච්ඡාවක් අතරවාරයේයි.

මේ වන විට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන මාලිංග මෙම සාකච්ඡාවේදී කියලා තිබ්බේ මතීෂව කොහොමහරි මාලිංගට වැඩිය පොරක් කරන්න ඕනි කියලයි. මෙම සාකච්ඡාව තුළදී මාලිංග, මතීෂ තමන් සමඟ පුහුණුවීම් කළ ආකාරය පිළිබඳවත් මතක් කර තිබුණා.

“මහේල ලෝක කුසලානයෙන් පස්සේ මතීෂව මං ගාවට එව්වා. අපි ඛෙත්තාරාමෙදී හම්බුණේ. කොල්ලට ලොකු අත්දැකීමක් නොතිබ්බට මට තේරුණා මතීෂ ‘බය නැති, ශක්තිමත්’ ක්‍රීඩකයෙක් කියලා. මං පොඩියට එයා එක්ක වැඩ පටන්ගත්තා. මං එයාට කිව්වා දැන්ම ෆෝමැට් එකක් තෝරගන්න හිතන්න එපා කියලා, ඔයාට ලංකාව වෙනුවෙන් ඕනම වෙලාවක එන්න පුලුවන් වෙන්න ඕනි කියලා මම කිව්වා. ආබාධ උණොත් ෆෝමැට් එකක් තොරගන්න එක වෙනමම් දෙයක් ඒත් මතීෂ පොඩි කාලේ ඉඳන්ම මේ වගේ බෝල දාපු නිසා එහෙම ආබාධ එන එකක් නෑ.”

කොහොම උණත් මේ සංවාදෙදී මාලිංග කිව්ව තවත් කතාවක් කැපිලා පෙණුනා. ඒ දෝණි කෝම කිව්වත් රතු බෝලෙන් පවා මතීෂ සෙල්ලම් කරන්න ඕනි කියලා මාලිංග කිව්ව කතාව.

“දෝණි කියන්නේ මතීෂ මේජර් ටූනමන්ට් වල විතරක් ගැහුවම ඇති කියලා, මං දන්නේ නෑ ඒක විහිලුවටද කිව්වේ කියලා. හැබයි ජාතික කණ්ඩායමක කෙනෙක්ට ඒම කරන්න බෑ. මං හිතන්නේ මතීෂට ටෙස්ට් එපා කියන හුඟක් අය එහෙම කියන්නේ මතීෂ ආබාධ වෙයි කියලා වෙන්නැති. මං මුලින්ම ගැහුවේ ටෙස්ට්, 2004 ඉඳන් 2010 වෙනකන් මම ටෙස්ට් ගැහුවා. කවුරුවත් මට එහෙම කිව්වේ නෑ. මම අවුරුදු 16ක් ක්‍රිකට් ගැහුවා. මම කවදාවත් ආබාධයක් නිසා ෆීල්ඩ් එක නවත්තලා ඇතුළට ගිහිං නෑ.

ඒ වගේමයි මම හිතන්නේ නෑ කවුරුවත් මතීෂ ආබාධ වෙයි කියලා හිතන එක හරි කියලා. මම ඒ වගේම බෝල දාපු කෙනෙක්, මම දන්නවා එන අභියෝගයන් මොනාද කියලා. මම කියන්නේ මතීෂ ටෙස්ට් වරම් හිමි කරගන්න ඕනි. සමහරවිට මතීෂ එකක් ක්‍රීඩා කරයි, සමහරවිට 10ක් කවුද දන්නේ සමහරවිට 100ක් වෙන්නත් පුලුවන්. ටෙස්ට් තරඟ කාලයක් සෙල්ලම් කරාම ෆිට්නස් සහ දක්ෂතාවය වර්ධනය වෙනවා ඒ වගේමයි තේරුම් යන්න පටන්ගන්නවා බැටෙක්ව අවුට් කරන්න සෙට් කරගන්නේ කොහොමද කියලා. මේ දේවල් කියලා දෙන්න පුලුවන් දේවල් නෙමෙයි. නිකමට හරි මතීෂ ටෙස්ට් සෙල්ලම් කරද්දී ආබාධයක් වගේ ආවොත් එතකොට පුලුවන් ඒ ගැන තීරණේකට එන්න”

මේ දීර්ඝ සංවාදේ අන්තිම අදියරේදී ESPNcricinfo මාධ්‍ය වේදියා මාලිංගගෙන් ඇහුවා මතීෂ කොහොමද ඉදිරියේදී ක්‍රීඩකයෙක් වශයෙන් වර්ධනය වෙන්න ඕනි කියලා. ඒ වෙලාවේ මාලිංග දුන්නේ අපූරු උත්තරයක්

“මට කෝමහරි ඕනි මේ කොල්ලව මට වැඩිය පොරක් කරන්න. මං හිතනවා ඊළඟ ටෙස්ට් සංචාරයේදී මතීෂට අවස්තාවක් දුන්නනම් හොඳයි කියලා. ඒ වගේම එක්දින තරඟ ටිකකුත් දූනොත් සෑහෙන්න වටිනවා ඔහුගේ අනාගතයට”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
41
+1
2
+1
12
+1
2
+1
2
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7