Cricket NewsEXCLUSIVEInternational

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම තුල මැකලම් හැදූ තමන්ගේ කාබන් කොපිය – ජොනී බෙයාස්ටෝ තුලින් තමන්ව දකින මැකලම්.!

එංගලන්ත කණ්ඩායම වත්මන් ලෝක ටෙස්ට් ශූරයන් වන නවසීලන්ත කණ්ඩායම තරඟ තුනට බිංදුවක් ලෙසින් හෙඩිංග්ලි හිදී අද පරාජයට පත් කලේය.සැලකිය යුතු කාලයකට පසුව එංගලන්ත මැද පෙල පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම මෙම ජයග්‍රහණය සඳහා පිටුවහල් වූ ඉහලම සාදකය ද විය.

නායක බෙන් ස්ටෝක්ස්,ඔලී පෝප්,ජොනී බෙයාස්ටෝ ලකුණු අතරට පිවිසීම රූට්ගේ සුපුරුදු රිද්මය තවත් තියුණු කල අතර නායකයෙකු ලෙස තමන්ගේ කුළුඳුල් ටෙස්ට් තරඟාවලියේ ජය බෙන්ස්ටෝක්ස් හටත් පුහුණුකරුවකු ලෙසින් මැකලම්ගේ කුළුඳුල් ටෙස්ට් තරඟාවලියත් ජයග්‍රහණයකින් අරඹන්නට සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

රූට් තරඟාවලියේ වීරයා වෙද්දී ලකුණු අතරට සාර්ථකව පිවිසි ජොනී බෙයාස්ටෝගේ අවසන් ඉනිම් කිහිපය දෙස හැරී බලන්නට සිතුණේ සිත්ගන්නා යමක් ඒ තුල තිබෙන නිසාවෙනි.

බෙයාස්ටෝ සමස්ත තරඟාවලිය පුරාවට ශතක දෙකක් හා එක් අර්ධ ශතකයක් වාර්ථා කරන්නට සමත් වෙනවා.සමස්ත ටෙස්ට් ක්‍රිකට් දිවියේ 55 ක ප්‍රහාර වේගයක් සටහන් කරගත්තු බෙයාස්ටෝ පිතිකරණ ලැයිස්තුවේ නිතරම උඩ පහල යන පිතිකරුවෙක් ව තිබුණි.නමුත් නායක බෙන්ස්ටොක්ස් තමන්ගේ පිතිකරණ ස්ථානයෙන් තරමක් පහතට ගොස් බෙයාස්ටෝ හට නොම්මර 5 ස්ථානයේ ස්ථාවර වෙන්නට ඉඩ ලබා දුනි.

පළමු තරඟයේ පළමු ඉනිමේදී එක් ලකුණට දැවී යන බෙයාස්ටෝගේ දෙවනි ඉනිම ලකුණු 16 කින් සීමා වන නමුත් සමස්ත එංගලන්ත පුහුණු කාර්‍ය මණ්ඩලය බෙයාස්ටෝ ගෙන් අපේක්ෂා කරන අලුත්ම හැඩය පිළිබඳව ඇඟට නොදැනෙන ඉඟියක් පළ කලේය.

මෙවර තරඟාවලිය ආරම්භ වද්දී බෙයාස්ටෝගේ ප්‍රහාරක වේගය 54 කට ආසන්න අගයක් විය.නමුත් මෙවර තරඟාවලියේ ඔහු ක්‍රීඩා කල ඉනිම් 6 න් 4 කදීම ඔහු සාම්ප්‍රදායික ටෙස්ට් පිතිරණය රටාවෙන් ඔබ්බට ගොස් බොහෝ කලක් බ්‍රෙන්ඩන් මැකලම් නවසීලන්තය වෙනුවෙන් සිදු කල ආකාරයෙන්ම පන්දුවට පහර දෙන ආකාරයක් දක්නට ලැබුණි.

ජාත්‍යන්තරය පුරාවටම වත්මන් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන බ්‍රෙන්ඩන් මැකලම් යලිත් තමන්ව බෙයාස්ටෝ තුලින් දකින්නට වෑයම් කරනවාද යන්න පිළිබඳව රාවයක් උඩු දුවන්නට විය.

මැකලම් එංගලන්ත ටෙස්ට් කණ්ඩායම තුල තනන්නට යන කාබන් කොපිය බෙයාස්ටෝ ද ?

ටෙස්ට් පිටිය තුලදී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන සමය තුල බ්‍රෙන්ඩන් මැකලම්ගේ සාර්ථකම පිතිකරණ ස්ථානය බවට නොම්බර 5 පත් විය.එහිදී ඔහුගේ සාමාන්‍ය 43 ක් හා ප්‍රහාරක වේගය 74 ක් විය. ටෙස්ට් තරඟ තුලදී නොම්බර 3 සිට 7 දක්වා විටින් විට එක් එක් ස්ථාන වලදී පිතිකරණයේ යෙදුණු බෙයාස්ටෝ මෙවර තරඟාවලියේදී නොම්බර 5 ස්ථානයට කැඳවීම් ලබන්නේ තීරණාත්මක අවස්ථා කිහිපයකදී ඔහු සතු හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමේ අටියෙනි.පන්දු 320 කදී ලකුණු 394 ක් රැස් කල ඔහුගේ ප්‍රහාරක වේගය 120 ක අගයක පැවැතුණි.

සීමිත පන්දුවාර තරඟ තුලදී ප්‍රභල ප්‍රහාරාත්කම පිතිකරුවකු වන බෙයාස්ටෝ ප්‍රහාරක වේගය 54 ක පමණ අගයක තිබුණු සාම්ප්‍රදායික ටෙස්ට් පිතිකරුවෙකුගේ සිට පන්දු 77 කින් ශතකයක් පන්දු 30 කින් අර්ධ ශතකයකුත් වාර්ථා කල හැකි ටෙස්ට් පිතිකරුවකු දක්වා ගෙන එන්නට එංගලන්ත පුහුණු කාර්‍ය මණ්ඩලයට හැකියාව ලැබුණේ මැකලම් ප්‍රධාන පුහුණු කරු ලෙස පත්වීමෙන් පසුව බව අවිවාධයෙන්ම පිළිගත යුතු කරුණකි.

කඩුලු රකින්නෙකු ලෙසින් නවසීලන්ත කණ්ඩායමට විටෙන් විට දායකත්වය දැක්වූ මැකලම් සීමිත පන්දුවාර තරඟ තුලට පැමිණෙන විට ප්‍රහාරාත්කම ආරම්භක පිතිකරුවෙකි.බෙයාස්ටෝගේ සීමිත පන්දුවාර තරඟ රටාව බොහෝ සෙයින් මැකලම්ට සමානකම් දක්වන බව නොරහසකි.

මැකලම් නම් ප්‍රහාරත්මක සුදු පන්දු පිතිකරුවාගේ මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නට නවසීනත්තය ඔහුව රතු පන්දුවෙන් ක්‍රීඩා කිරීමේදී මැද පෙල ස්ථාවර කරමින් ඔහු සතු ආක්‍රමණශීලී පිතිකරණ රටාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නට සමත්කම් දැක්වීය.ඔහු සිය අවසන් ටෙස්ට් තරඟයේදී ලොව වේගවත්ම ටෙස්ට් ශතකය එවකට ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව වාර්ථා කලේ එයට කදිම නිදසුන් ලබාදීමෙනි.

පිතිකරණ ලැයිස්තුවේ ඒ මේ අත ඉහළ පහළ යමින් සිටි බෙයාස්ටෝවද ඒ ආකරයෙන් නොම්බර පහ තුල ස්ථාවර කරමින් අස්ථාවර එංගලන්ත මැදපෙලට මැකලම් වැනි ආක්‍රමණශීලී කොඳු නාරටියක් බවට මැකලම් පත් කලේය.

මැකලම් බෙයාස්ටෝ තුලින් තමන්ව දකින්නට වෑයම් කල සැලැස්ම තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරඟයේදී සාර්ථක විය.ඉන් අනතුරුව තෙවැනි තරඟයේ ඉනිම් දෙකෙහිදීම ප්‍රහාරක වේගය සියය ඉක්මවා ගනිමින් බෙයාස්ටෝ තම රිද්මය ටෙස්ට් පිටියට ගෙන එද්දී සෙසු එංගලන්ත පිතිකරුවන් හට නවසීලන්ත පන්දුවන්නන් මට්ටු කරන්නට අවශ්‍ය වූ momentum එක පහසුවෙන්ම ලඟා කරගන්නට හැකි විය.

මැකලම් ගේ නව සැලැස්ම යටතේ දිගුකලක් එකම සංයුතියක් යටතේ එංගලන්ත කණ්ඩායමට ටෙස්ට් පිටියේ අඛණ්ඩ සාර්ථකත්වයක් කරායන්නට හැකියාවක් ඇති බව මේ වන විට ඔහු පෙන්නුම් කර හමාරය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7