Cricket News
කාසියේ වාසිය එංගලන්තයට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ද්විතයක්!

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
අද (1) තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇත.
ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ ධනංජය ද සිල්වා හා මහීෂ් තීක්ෂණ ඉවත්කර ඇති අතර, ඒ වෙනුවට පවන් රත්නායක හා දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ.
දෙරට අතර පළමු තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර, ඒ හේතුවෙන් තරග 3කින් යුත් මෙම තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්යය වේ
