කඩාවැටුණු කොදෙව් ක්‍රිකට් ගොඩනැගීමේ වගකීම ඩැරන් සැමී ට !

එදා මෙදා තුර විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ දෙවරක් ලෝක ශූරයින් වූ පළමු කණ්ඩායම වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.නමුත් අවසන් ලෝක කුසලාන තරඟාවලි ද්විත්වයම ඔවුන්ට නිමා කිරීමට සිදුවූයේ එතරම් හොඳ මට්ටමකින් නොවේ.එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ආරම්භක සමය තුල එක්දින ලෝක කුසලාන දෙකක්ද තම ශූරතා ගොන්නට දමා ගත් කොදෙව් ක්‍රීඩකයින් තරඟ ආකෘති දෙකෙහිම ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටයක් සඳහා ක්‍රීඩා කිරීම අවසන් වසර කිහිපය පුරාවට සිදුවිය.
ලොව වටා විවිධ ස්ථරයේ සීමිත පන්දුවාර රටාවේ කැපී පෙනෙන ක්‍රීඩකයින් ඔවුන් සතුවූ මුත් අඛණ්ඩ දස්කම් නොවීමත් එක් කණ්ඩායම් සංයුතියක් කෙරෙහි දීර්ඝ කාලීනව ආයෝජනය කිරීමට ඔවුන්ට නොහැකි වීමත් විටින් විට නායකයින් කිහිපයක් අත්හදා බැලීම පසු කාලීනව කොදෙව් ක්‍රිකට් පද්ධතිය තුල සුලභ විය.
කෙසේ නමුත් ලොව වටා ක්‍රිකට් විචාරකයින්ගේ පැසසුමට ලක් කෙරෙන තීරණයක් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මීට දින කිහිපයට උඩදී ගෙන තිබුණි.ඒ තම දේශයට විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් දිනාදුන්,ලොව විස්සයි විස්ස ලෝක කුසලාන ද්විත්වයක පහස විඳි එකම නායකයාගේ සේවය යලිත් ලබාගන්නටයි.
කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මීට දින කිහිපයකට ඉහතදී මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායම් ද්විතවයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු නායක ඩැරන් සැමී පත් කර ඇති බවයි.
සිම්බාබ්වේ හිදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේදී ඔහු කොදෙව් පිල සමඟ එක්වීමට නියමිතයි.