Cricket NewsEXCLUSIVEIPL

බිඳ වැටුණු Punjab Kings ඉණිම ගොඩනැගූ භානුක රාජපක්ෂ අර්ධ ශතකය පේන මානයේ දැවී යයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 48වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Gujarat Titans කණ්ඩායමත් අතර තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Gujarat Titans කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර ම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ රැස් කිරීමට සමත් වුයේ ලකුණු 143ක් පමණයි.

ඒ අනුව ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings මේ වන විට පිතිකරණයේ නියැලෙනවා.

මේ අතර අද දිනයේදී Punjab Kings වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණි J. Bairstow Punjab Kingsහි මුළු ලකුණු සංඛ්‍යාව 10 වන විට දැවී ගියේ තරඟයේ පීඩනය Punjab Kings වෙත ලබා දෙමිනුයි.

අනතුරුව පිටියේ එක් වූ භානුක රාජපක්ෂ සහ Shikhar Dhawan විසින් Punjab Kingsඉනිම ගොඩනැගීමේ විශිෂ්ට ඉනිම දියත් කරනු ලැබුවා. ඔවුන් දෙදෙනා ලකුණු 87ක සම්බන්දතාවයක් පවත්වමින් අවශ්‍යම මොහොතේ Punjab Kings ඉනිම ගොඩ නැගු අතර ලකුණු 40ක් ලබා සිටි භානුක රාජපක්ෂ Lockie Ferguson විසින් යොමු කල පන්දුවක් හමුවේ දැවී ගියා.

භානුක රැස් කල ලකුණු 40ට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුලත් වුනා.

භානුක රාජපක්ෂ දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7