Cricket NewsEXCLUSIVE

තීරණාත්මක බ්‍රෝඩර් ගවස්කාර් අවසන් තරඟයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් තරඟයේ ආධිපත්‍ය සියතට ගනී.!

මේ වන විටත් ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ ඉඩ වෙන්කරගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.එවන් තත්වයක් මත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා අනෙකුත් කණ්ඩායම තීරණය කරනු ලබන බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලියේ අවසන් තරඟය මේ වන විට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරඟයේ පළමු දිනය වූ අද දිනය අවසන් වන විට සමස්ථ තරඟයේම ආධිපත්‍ය තමන් නතු කරගන්නට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.පළමු දිනය අවසානයේදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 255 ක් රැස් කරගෙන සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටින උස්මන් කවාජා රැස් කරගෙන තිබෙන ලකුණු සංඛාව ලකුණු 104 ක්.කවාජාගේ ඉනිම හතරේ පහර පහලොවකින් වර්ණවත් විය.එමෙන්ම යොවුන් ක්‍රීඩක කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 49 ක් රැස් කරගෙන සිටින අතර ඔස්ට්‍රේලියානු පිතිකරුවන් හමුවේ ඉන්දීය දඟ පන්දු යවන්නන් හට හිස ඔසවන්නට නොහැකි විය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ දැවී ගිය කඩුලු 4 න් කඩුලු දෙකක්ම මොහොමඩ් ශාමි විසින් බිඳ හෙළූ අතර ඉන්දීය දඟ පන්දු යවන්නන්ගෙන් අපේක්ෂා කල
තරම් ප්‍රථිපල නොවීය.

බොහෝ විචාරකයින් මත පලකරන්නේ දෙවන දිනයේ දෙවන සැසිය පමණ විට තණතීරුව දඟ පන්දු යවන්නන් හට වාසි දායක විය හැකි බවයි.ඒ වන විට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කලහොත් ඉන්දීය කණ්ඩායමට විශාල අභියෝගයක් වනු ඇති බවයි.සාම්ප්‍රදායික ඉන්දීය තණතීරු තුල කෙමෙන් කෙමෙන් දඟ කැවීම බහුල වන අතර සිව්වන හා පස්වන දිනයන් තුල සම්පූර්ණ තරඟයක පාලනය දඟ පන්දුයවන්නන්ට නතු වීම සුලභ දසුනකි.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට පිළිතුරු ලෙසින් ඉන්දීය පිතිකරුවන් විශාල ලකුණු පුවරුවක් නිර්මාණය නොකලහොත් ඔස්ට්‍රේලියානු දඟ පන්දු බලඇණිය තරඟයේ අවසන් ඉනිමේදී ඉන්දීය කණ්ඩායමට විශාල අභියෝගයක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button