Cricket NewsEXCLUSIVELPL

කුළුදුල් LPL ශූරතාවය ගාල්ලට හිමි කර දෙන්නට ශකීබ් අල් හසන් හා ටබ්‍රේස් ශම්සි Galle gladiators හා එක්වෙයි !

මේ වසරේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි සංස්කරණය සඳහා වන Direct player Signs මේ දිනවල සිදුවෙමින් පවතී.දේශීය ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් වෙනුවෙන් LPL හි කණ්ඩායම් පහ අතර මේ වන තරමක සීතල යුද්ධයක් ද නිර්මාණය වී අවසන්.

ඒ අතරතුරදී කණ්ඩායම් සියල්ලම පාහේ Direct Signs ඔස්සේ ක්‍රීඩක වෙන්දේසියට පෙර තම කණ්ඩායම සමඟින් ලොව ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් ගිවිසුම් ගතකරගනිමින් සිටී.

දෙවරක් අනුශූරයින් වූ Galle Gladiators කණ්ඩායම මෙවර තරඟවාරය සඳහා ලොව අංක එකේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල්හසන් හා කලක් ජගත් විස්ස විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නෙකු වන ටබ්‍රේස් ශම්සි සමඟින් ගිවිසුන් ගතව ඇති බව කණ්ඩායම් කලමණාකාරීත්වය නිලවශයෙන් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
2
+1
2
+1
3
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button