Cricket NewsEXCLUSIVEPremier League

ක්‍රිකට් දැවැන්තයන් තරඟ වදින කැරිබියන් ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව නිරෝෂන් දික්වැල්ලට.!

මෙම මස 30 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා පුරා මාසයක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන, කැරීබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හෙවත් CPL 2022 තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව හිමිව තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල Saint Lucia Kings කණ්ඩායම සමග ඒ අනුව ගිවිසුම් ගත වී තිබෙනවා.

කෙසේ නමුත් මේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා අවසර ලබා දේවිදැයි නොදේවිදයි යන ගැටලුව සම්භන්දයෙනි.

මෙම තරගාවලිය වෙනුවෙන් වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ ගිවිසුම් ගත වුවත් එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට මනා මානසික යෝග්‍යතාවකින් සහ ශාරීරික යෝග්‍යතාකින් සහභාගිවීම අත්‍යවශ්‍ය වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා විස්සයි-20 ලෝක කුසලාන සංචිතයට නම් වූයේ නැති වුවහොත් ඔහුට නිසැකවම මෙවර CPL 2022 තරගාවලිය නියෝජනය කිරීමේ හැකියාවක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7