Cricket NewsDomestic CricketEXCLUSIVE

නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කුසල්ගෙන් පන්දු 26ට ලකුණු 75ක්

පන්දු 26කින් නොදැවී ලකුණු 75ක් රැස් කරමින් කුසල් ජනිත් පෙරේරා ක්‍රියාත්මක කළ වේගවත් පිතිහරඹය හේතුවෙන් අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවති තරගය කඩුලු 7කින් ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නුගේගොඩ පිල ඕවර 15.3කදී ලකුණු 127කට සීමා කළ පොලිස් ක්‍රීඩකයෝ ඕවර 8.5ක් පමණක් වැය කරමින් ජය හිමි කර ගත්තේ කඩුලු 3ක් දැවී තිබියදීය.

පොලිස් ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 28කට බිඳ වැටුණ ද කුසල් ජනිත්ට එක් වූ නායක විශාද් රන්දික පන්දු 21කින් ලකුණු 61ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ඔසවා තැබීය. පන්දු 12කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් රැස් කළ රන්දික දැවී යෑමෙන් එම සබඳතාව නිමා වුවද වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පන්දු 26කින් නොදැවී ලකුණු 75ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහර 9කින් වර්ණවත් වූ අතර, පන්දු 18කින් අර්ධ ශතකය වාර්තා විය. ඊයේ වාර්තා වූ එකම අර්ධ ශතකය වූ මෙය මෙවර තරගාවලියේ පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. ඊයේ පැවති සෙසු තරගවලදී ජයග්‍රහණ අත්කර ගැනීමට එන්සීසී, පාණදුර සහ කෝල්ට්ස් කණ්ඩායම් සමත් විය. එන්සීසී හමුවේ රාගම පිල ලකුණු 46කින් පරාජය වූ අතර, කෝල්ට්ස් පිල විසින් කුරුණෑගල යූත් පිල කඩුලු 6කින් පරාජය කළේය. මේ කණ්ඩායම් දෙකම ඊයේ වාර්තා කළේ මෙවර තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයයි. පාණදුර ක්‍රීඩකයෝ සිය පළමු ජය වාර්තා කළේ කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 4කිනි.

මේ තරගවලදී චාමික ගුණසේකර (එන්සීසී) සහ මුදිත ලක්ෂාන් (කෝල්ට්ස්) කඩුලු 4 බැගින් බිඳ දමමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button