Cricket NewsEXCLUSIVEInternational

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියට මසකටත් වැඩි කලක් තිබියදී වත්මන් ලෝක ශූරයින් තම සංචිතය නිවේදනය කරයි.!

එලඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද නිවේදනය කර සිටියා.වත්මන් ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසිනුයි මෙවර ලෝක කුසලානයට සත්කාරක්වත්ය ලබාදීමට නියමිතව ඇත්තේ.

ඔවුන් මීට පෙර ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරඟාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම තම සංචිතය නම්කිරීමට සිටි නමුත් ඔවුන් තම සංචිතය අද පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කලේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවරද මෙහයවීමේ වගකීම සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ඇරෝන් ෆින්ච් ට පැවරෙද්දී මෙවර ඔස්ට්‍රේලියානු සංචිතයට සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ටිම් ඩේඩිඩ්ගේ ආගමනය මුලුමහත් ජාත්‍යන්තර පුරාවටම පුවත් මවන්නට තරම් උණුසුම් විය.

නායකත්වයට පත්වීමෙන් අනතුරුව මේ වසරේදී ෆින්ච්ගේ සාමාන්‍ය ලකුණු 30 කට පහත අගයක් දක්වාද ප්‍රහාරක වේගය 125ක් දක්වාද පහතවැටී තිබීම ෆින්ච්ගේ නායකත්වය පිළිබඳව හිසරදයක්ව තිබූ ඔස්ට්‍රේලියානු කළමනාකාරීත්වයේ ශරීර භාෂාවන් නිරන්තරයෙන් පෙන්නුම් කලේය.

ඔස්ට්‍රේලියානු සංචිතයෙන් යොවුන් ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් ඉවත් කර ඇති නමුත් වේගපන්දු යවනන් සිව්දෙනෙක් දඟපන්දු යවනන් දෙදෙනෙකුගෙන් ඔස්ට්‍රේලියානු සංචිතය වඩාත් සමබර වී තිබේ.නායක ෆින්ච් ඇතුලුව විශේෂඥ පිතිකරුවන් පස්දෙනෙකුද ඒ අතරට ඇතුලත්.මැතිව් වේඩ් හා ජොශ් ඉන්ග්ලිශ් සංචිතයට කඩුලු රකින ක්‍රීඩකයින් ලෙස ඇතුලත්.

ග්ලේන් මැක්ස්වෙල්,ටිම්ඩේවිඩ් හා මාකස් ස්ටොයිනස් තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ඔස්ට්‍රේලියානු සංචිතයට කැඳවීම් ලබා ඇති අතර ටිම් ඩේව්ඩ් ගේ ආගමනය ඔස්ට්‍රේලියානු සීමිතපන්දුවාර ක්‍රිකට් තරඟ තුලදී තීරණාත්මක සාධයක් වනු ඇති බවට විචාරකයකයින් අනාවැකි පලකරමින් සිටියි.

ඔස්ට්‍රේලියානු සංචිතය

Aaron Finch (c)
Ashton Agar
Pat Cummins
Tim David
Josh Hazlewood
Josh Inglis
Mitchell Marsh
Glenn Maxwell
Kane Richardson
Steve Smith
Mitchell Starc
Marcus Stoinis
Matthew Wade
David Warner
Adam Zamp

ලෝක කුසලාන තරඟාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7