Cricket NewsDomestic CricketEXCLUSIVE

Blues කණ්ඩායම පරාජය කළ කුසල් මෙන්ඩිස්ගේ රතු බලකාය වර්ණ සංග්‍රාමයේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා.

අද දිනය වර්ණ සංග්‍රාමයේ අතිශය තීරණාත්මක දිනයක් වූ අතර අද දිනයේ ජයග්‍රාහකයන්ට අවසන් මහා තරඟයට පිවිසීමට වැඩි අවස්ථාවක් උදාවී තිබුනා. ඒ අනුව අද දිනයේ දෙවන තරඟය ලෙස Blues කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් නායකත්වය දරන Reds කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 33ක ජයක් වාර්තා කල Reds කණ්ඩායම අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කරගනු ලැබුවා.

කෙසේ නමුත් මිට පෙර පැවති තරඟ ද්විත්වයම ජයග්‍රහනය් කළ Blues කණ්ඩායම ද අවසන් මහා තරඟයට පිවිසෙන අතර Blues නායක චරිත් අසලංක අද තරඟයට ක්‍රීඩා කලේ නැහැ. ඔහු වෙනුවට ධනංජය සිල්වා Blues කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Reds ප්‍රථමයෙන් පන්දුවටපහර දීම ට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Reds කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 178ක් රැස් කිරීමට සමත් වුණා.

Reds වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 60කදී ලකුණු 86ක් වාර්තා කිරීමට සමත් වුනා. එයට නොදෙවෙනි සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කල වනිඳු හසරංග පන්දු 41කදී ලකුණු 69ක් වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදී සුමින්ද ලක්ෂාන් කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 179ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Blues පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 145ක් පමණයි

Blues ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සදිර සමරවික්‍රම ලකුණු 40ක් රැස් කල අතර අශේන් බණ්ඩාර ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිඳු සහ අසිත ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

මෙම ජයත් සමගින් Reds කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර මින් පෙර තරඟ දෙකම ජයගත් Blues සමග ඒ අනුව එළඹෙන සඳුදා අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම එම අවසන් මහා තරඟය සඳහා Blues නායක චරිත් අසලංක ක්‍රීඩා කිරීමටද නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7