Cricket GossipEXCLUSIVE

ක්‍රිකට් ලොව පතාක යෝධයින් බිහිවන භාරතයේ අලුත්ම රණකාමීයා සූර්‍ය කුමාර් යාදව් !

Suryakumar Yadav can bat at number three in T20 World Cup: Manjrekar- The New Indian Express

ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජයනය කරන්නට හොඳම අඩිතාලම දමන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීගයෙනි.ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් අයිපීඑල් පිටියෙන් සොයාගත් හොඳම මෑත කාලීන සොයාගැනීම සූර්‍ය කුමාර් යාදව් ය. ඕනෑම විටෙක තරඟ කණපිට ගැසීමට යාදව් හට ඇති හැකියාව ඔහු මේ වන විට පෙන්වා හමාරය.

ඕනෑම තණතීරුවක ඕනෑම තත්වයකදී ඔහු පෙන්නුම් කරන ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය සැබැවින්ම දැකීමට ප්‍රියකරුය.මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා ලෝලීන් හට නම් සූර්ය කුමාර්ගේ පිතිකරණය තුල සැඟවී සිටින රණකාමියා නුපුරුදු දසුනක් නොවේ.

Suryakumar Yadav Names His All-Time IPL XI; No MS Dhoni In His Team, Picks Four Mumbai Indians Players

සූර්‍ය කුමාර්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹී එතරම් කලක් ගත වී නොමැත.වසය අවුරුදු 31 ක් වන සූර්ය කුමාර් හට ජාත්‍යන්තර වරම් දිනාගන්නට කලක් බලාසිටින්නට විය.2010 වසරේදී පළමුපෙල වරම් දිනාගන්නා සූර්‍යා ඉන් වසර 11 ට පසු අහම්ඩ්බාද් හීදීය.පළමු තරඟයේදී පිතිකරණයේ නොයෙදුනු සූර්‍යා එංගලන්තයට එරෙහිව සිය දෙවන තරඟයේදී මංගල විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කරගන්නට සමත් විය ඒ පන්දු 31 කින් ලකුණු 57 ක් රැස් කරමිනි.ඉන් නොනැවතුනි සූර්‍ය කුමාර් ඊයේ 14 වැනි විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කරමින් සිය සිව්වැනි අර්ධ ශතකය රැස් කරන්නට සමත් වූයේ කොදෙව්වන්ට එරෙහිව පන්දු 31 කදී හයේ පහර 7 ක් ද සමඟින් ලකුණු 65 ක් රැස් කරගනිමිනි.මේ දක්වා සූර්‍ය කුමාර් විස්සයි විස්ස තරඟ 14 කදී ඉනිම් 12 කට ක්‍රීඩා කරමින් ලකුණු 351 ක් රැස් කරගෙන ඇති අතර ඊට අර්ධ ශතක හතරක් ඇතුලත් වන අතර ඉනිමක සාමාන්‍ය ලකුණු 39 කි සූර්‍යාගේ ප්‍රහාරක වේගය 165.57 කි.

Salaam Cricket 2021: Suryakumar Yadav can be India's game-changer at T20 world Cup, says Wasim Akram - Sports News

සූර්‍ය කුමාර් මේ දක්වා එක්දින තරඟ 7 කට සහභාගී වෙමින් ලකුණු 267 ක් රැස් කර ඇති අතර ඊට අර්ධ ශතක දෙකක්ද ඇතුලත්‍ ය.ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කල මංගල එක්දින තරඟාවලියේ වීරයා වූ සූර්‍යා එතැන් පටන් ඉන්දීය එක්දින කණ්ඩායම තුලද විශිෂ්ඨ ඉනිම් රැසක උරුම කරුවෙකු බවට පත් විය.

සූර්‍යා ඕනෑම ආකාරයක තරඟ ආකෘතියක තරඟ දිනවන්නෙකු බවට ඔහු පුන පුනා ඔප්පු කර අවසන් ය.ජාතික කණ්ඩායමේ ඉඩක් වෙන් කරගන්නට කලක් බලා සිටින්නට සිදුවූ සූර්‍යා දැන් ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය මැදපෙල පිතිකරුවෙකු බවට පත්ව ඇත.

Suryakumar Yadav Net Worth: IPL Fees 2022, Income, Salary

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7