EXCLUSIVEPremier LeagueT10 League

වනිඳුගේ හුදෙකලා තුන් ඉරියව් සටන අපතේ යවමින් අවසන් පන්දුවේදී අබුඩාබි පිල තරඟය ජය ගනී

May be an image of 1 person

මෙවර අබුඩාබි t 10 තරඟාවලියේ උද්වේගකරම තරඟය අද නිමාවිය . මෙවර තරඟාවලියේ 6 වැනි තරඟය ලෙසින් ක්‍රියාත්මක වූ තරඟය වනිඳු හසරංග ක්‍රීඩා කරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා ටීම් අබුඩාබි කණ්ඩායම් අතර පැවැත්විණි .
කාසියේ වාසිය දිනාගත් අබුඩාබි නායකයා විසින් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලට මුලින්ම පන්දුවර පහර දෙන්නට ආරාධනා කර සිටියේය . නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුනු 97 ක් රැස් කිරීමට සමත්විය . හුදෙකලා සටනක් දියත් කරමින් ඔඩේන් ස්මිත් පන්දු 11 කදී වේගවත් ලකුණු 34 ක් රැස් කරන්නට සමත් විය . මෙහිදී ලකුණු 18 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබියදී ගරා වැටුණු මැදපෙලට නැංගුරම වෙමින් වනිඳු හසරංග ලකුණු 30 ක් රැස් කරන්නට සමත් විය .පන්දු යැවීමේදී ෆිඩෙල් එඩ්වර්ඩ්ස් සහ නවීන් උල් හක් අතර කඩුලු දෙක බැගින් දවාගත්තේය .

ලකුණු 98 ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි අබුඩාබි පිලේ මුල් පෙල කඩුලු කිහිපය විනාශ කර දමන්නට වනිඳු හසරංග ප්‍රමුඛ ඩෙකෑන් පන්දුයවන්නන් සමත් විය . සුපිරි පන්දුයැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 12 කට කඩුලු හතරක් බිඳ හෙලීය . ඉනිමේ අවසන් බාගයේදී ක්‍රියාත්මක වූ පසුපෙල පිතිකරුවකු වූ ජැමී ඕවර්ටන් පන්දු 18 කදී ලකුණු 33 ක් වාර්ථා කරමින් ජයග්‍රහණය ගෙන ඒමට සමත් විය . ඒ අවසන් පන්දුවට ලකුණු 6 ක් ලබාගනිමිනි . අන්වර් අලී යොමුකල අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 5 ක් අවශ්‍යව තිබියදී ඕවර්ටන් මිඩ්විකට් කලාපයට එපිටින් විශාල 6 පහරක් එල්ල කරන්නට සමත් වීමත් සමඟ ඩෙකෑන් පිල පරදා අබුඩාබි කණ්ඩායම කඩුලු 6 කින් තරඟය ජයගත්තේය .

තරඟයේ වීරයා ලෙසින් ලකුණු 33 ක් රැස් කල ජැමී ඕවර්ටන් සම්මාන දිනාගත්තේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button