Cricket NewsEXCLUSIVE

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආබාධයකට ලක්වූ 7වන ක්‍රීඩකයා බවට Steven Smith පත් වේ – හෙට තරඟයත් අහිමි වෙයි.!

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවන එක්දින තරඟය අතර තුරදී ඔස්‍ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් ආබාධයට ලක්ව තිබෙනවා.මෙවර තරඟාවලියේදී දිගින් දිගටම ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් මේ ආකාරයෙන් ආබාධයන්ට ලක්විය.

මිචෙල් ස්ටාක්,ඇශ්ටන් ඒගාර්,මාකස් ස්ටොයිනස් අතරට එක් වූ මීළඟ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට ස්මිත් පත්වූයේ ඔහුගේ පාදයේ සිදුවූ මස්පිඬු පෙරලීමේ ආබාධය හේතුවෙනි.

හෙට ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහිව තුන්වන එක්දින ජාත්‍යන්තරයෙන් ස්ටීව් ස්මිත් ඉවත් කිරීමට නියමිත බව ඔස්ට්‍රේලියානු කලමණාකාරීත්වය සඳහන් කර සිටියේය.

ස්මිතගේ ආබාධය එතරම් බරපතල නොවූවත් තවත් දින 11 කින් ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය නිසා ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔහුවෙත වැඩි අවධානයක් යොමු කරමින් විවේක ගන්වා ඇති බව සඳහන්.

බොහෝ විට ස්ටීව් ස්මිත්ගේ ආදේශනය ලෙසින් ජොශ් ඉන්ග්ලිශ් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනාගැනීමට නියමිත බවද අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7