Cricket NewsEXCLUSIVEIPL

Baby AB ලෙසින් හැඳින්වෙන 18 හැවිරිදි Dewald Brevis එල්ල කළ 112m දිග මෙවර IPL තරඟාවලියේ දිගම හයේ පහර.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 23වන තරගය ලෙස ඊයේ Punjab Kings සහ Mumbai Indians කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 12ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

තරඟායේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 198ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 199ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි.

මෙහිදී විශේෂත්වය වුයේ Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පසුගිය දා අවසන් වූ යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ Baby AB හෙවත් යොවුන් ක්‍රීඩක Dewald Brevisය. ඔහු පන්දු 25ක් තුල වෙගවත් ලකුණු 49ක් රැස් කිරීමට සමත් වුනා.

එහිදී විශේෂම සිදු වීම වුයේ IPL පිටියේ නම් දැරූ පන්දු යවන්නකු වන Rahul Chahar විසින් යොමු කල 8වන පන්දු වාරය එකම ගිනිකෙළි සැණකෙළියක් බවට පත් කිරීමට සමත් වුයේ දන්ත හයේ පහර 4ක් සහ 4රේ පහරක් එල්ල කරමිනි.

ඒ අතරට මෙවර IPL තරඟාවලියේ දිගම හයේ පහර ද ඇතුලත් වුනා, Dewald Brevis විසින් එල්ල කල # දිග එම දැවැන්ත හයේ පහර පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button