Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ රංජි කුසලාන කණ්ඩායමක මට්ටමක” – ඉන්දීය ක්‍රිකට් විචාරකයන් ලංකාව පහත කරයි.!

ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට සාධනීය දස්කම් දක්වන්නට නොහැකි වීම මත ඔවුන් ආධුනික ක්‍රීඩකයින්ගේ මට්ටමකට ඇද වැටුනා.

අත්දැකීම් අතින් ගත්කල තරමක පසුබෑමක් තිබෙන මුත් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නෝද ඉන්දීය කණ්ඩායම පාලනය කල ආකාරයක් දක්නට නොලැබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේ යෙදෙන ආකාරය හා සමස්ත ක්‍රීඩා විලාශයම ඉන්දීය දේශීය පිටියේ ප්‍රමුඛතම තරඟාවලිය ක්‍රීඩා කරන කණ්ඩායමකට ආදේශ කර තිබුණේ ආකාෂ් චොප්රා විසිනි.

ආකාෂ් චොප්රා තරඟයේ පළමු දිනය විශ්ලේෂණය කිරීමෙන් පසු ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ ඔස්සේ වීඩියෝවක් පල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ ක්‍රීඩා විලාශය දැඩි ලෙස විවේචනය කළේය.

ඒ ඔස්සේ තවදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටියේ ඔහු “ශ්‍රී ලංකා කණ්ඩායමේ නම මොකක්ද? ශ්‍රී ලංකාවේ දක්‍ෂතා දුර්වලයි. තනි තනිව නම් දැකීමට ලස්සනයි නමුත් කණ්ඩායමක් විදියට නම් ගොඩක් අසාර්ථකයි. ශ්‍රී ලංකාව රංජි කුසලානය ක්‍රීඩා කරන මට්ටමින් තරග වදින්නේ.” යනුවෙනි

තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම හා එය පන්දු යැවීමේ බලඇණියට බලපෑ ආකාරය පිළිබඳව අදහස් දක්වන චොප්රා “අපි දන්නවා තුවාල තිබුණා. ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, පැතුම් නිශ්ශංක කවුරුත් නෑ. කණ්ඩායම සංක්රමණය වෙමින් පවතී; ඒකත් හරි. නමුත් පන්දු යැවීමේ ගුණාත්මක භාවය මෙයද? මට පන්දු යැවීම භයානකයි,” යනුවෙන් කියා සිටියේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7