Cricket NewsEXCLUSIVE

එයා ඒ දවස් වල “මහත නෙට් බෝලර් කෙනෙක්” – අභිරහස් දඟ පන්දුව ලෙසින් හැඳින්වෙන “මහීෂ් තීක්ශණගේ” ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂ්‍ය තිසර හෙළිකරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභිරහස් පන්දු යවන්නා ලෙස පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට මුළු ලොවම හඳුන්වනු ලබන මහීෂ් තීක්ෂණගේ ක්‍රිඩා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳව තිසර පෙරේරා මීට දින කිහිපයකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් කර තිබෙනවා.

මහීෂ් තීක්ෂණ ප්‍රථමවරට මෙරට ක්‍රිකට් ප්‍රේක්ශකයන් ඉදිරියේ සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත් වන්නේ පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් 2020 තරගවාරයේදීයි.

කෙසේ නමුත් එම LPL 2020 තරගාවලියේ player Draft වටයට හෝ මහේෂ් තීක්ෂණගේ නම ඇතුළත්ව තිබී නොමැති අතර Jaffna Kings කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ විශේෂ ඉල්ලීමකට අනුව මහේෂ් තීක්ෂණව Player Draft එකට කැඳවා, අනතුරුව තිසර පෙරේරා විසින්ම මහීෂ්ව Jaffna Kings වෙත මිලදීගෙන තිබෙනවා.

එතැනින් ආරම්භ වූ මහීෂ්ගේ ගමන්මග මේ වනවිට ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් බවට ද පත්ව තිබෙන්නේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා ගේ වාර්තාව ද සනිටුහන් කර ගනිමිනි.

මේ අතර එම මාධ්‍ය සාකච්ඡාවේ තිසර පෙරේරා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කර සිටියා

“ඇත්තටම මහීෂ්ව මට හම්බවුනේ නෙට් බෝලර් කෙනෙක් වශයෙන් මුලින්ම.අපිට ඒ දවස් වල තිබ්බා ස්ප්‍රින් බෝලින් ඇකඩමි කියලා.අපි නැශනල් ටීම් එකේ ප්‍රැක්ටිස් කරද්දි ඒකෙන් පන්දු යවන්නො පස් හය දෙනෙක් එවනවා.

එතකොට මහීශ් තීක්ෂණ ඇවිල්ලා හිටියා එතන, ඒ දවස් වල ටිකක් චබී එයා.එදා මට ටිකක් අමාරුවක් දැනුනා එයාට බැට් කරන්න.

මොකද එයා ඒ මහත(චබී) කාලෙත් එයා හොඳට බෝලෙ ටර්න් කරනවා,කැරම් බෝල් එහෙම දානවා.

ඉතින් මම ඇහුවා මොකද මල්ලි කරන්නෙ කියලා, අයියෙ මොකුත් නෑ ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්නෙ කොහේහරි ගහන්න තමයි ප්ලෑන් කරන්නෙ කියලා.

ඉතින් මම ඇහුවා එතකොට ආර්මි එකට එන්න කැමතිද කියලා.

ඊට පස්සෙ එයා කිව්වා ‘අනේ කමක් නෑ අයියෙ මට කොහේහරි ගහන්න තියේනම් හොඳයි කියලා.’

ඊට පස්සෙ මම එයාව කතා කරලා ආර්මි එකට ගත්තා.ඊට පස්සෙ එයා ෆිට්නස් හොඳට කරලා ඇඟ එහෙම අඩු කරගෙන සෙල්ලම් කරගෙන ආවා.

ඊට පස්සෙ ගිය අවුරුද්දෙ LPL එකේදි අපේ ක්ලබ්ස් වලට තුන් දෙනා ගානෙ එවන්න තිබ්බා.

එදා ඒ තුන් දෙනා අතරෙ මහීශ් තීක්ෂණ හිටියෙ නෑ.

එදා මම නිකමට ක්‍රිකට් බෝර්ඩ් එකට කතා කරලා අධ්‍යක්ෂට කිවා,පුලුවන් නම් මහේශ් ව ක්‍රීඩක වෙන්දේසියට දාන්න කියලා.

ඊට පස්සෙ එයාව LPL Draft එකට වැටුනා.ඊට පස්සෙ ඩ්‍රාෆ්ට් එකේදි ටක්ගාලා මම ම ගත්තා ටීම් එකට.

මම හිතනවා ඒ වැඩෙන් එයා හොඳට හැදුනා කියලා.ඒකෙ ප්‍රථිඵල තමයි දැන් මේ අපි භුක්ති විඳින්නෙ.”

එම සංවාදය ඇතුලත් වීඩියොව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7