Cricket NewsEXCLUSIVE

වැඩිම ලකුණු ලාභියා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොවේ, වැඩිම කඩුලු ලාභියාත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොවේ, නමුත් ශුරතාවය ශ්‍රී ලංකාවට – ONE MAN SHOWS හමාර කර සාමූහික ප්‍රයත්නයන් තුලින් ජයගත් ආසියානු කිරුල.!

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයට පිවිසෙන විට ඔවුන් මේ වසරේදී ජයගෙන තිබුනේ විස්සයි විස්ස තරඟ දෙකක් පමණයි. මෙම තරඟ ද්විතයම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ එක් ක්‍රීඩකයෙක් විසින් දියත් කල ඉනිමක් හේතුවෙන්. ආසියානු කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ඒකකයක් ලෙසින් ජයගැනීම අතිශය අපහසු කරුණක් වූවා.

එක් ක්‍රීඩකයෙකුගේ ඉනිමක් හෝ හොඳ පන්දු යැවීමක් ජයග්‍රහණය සඳහා හේතු වන්නේ අල්ප අවස්ථාවන් හිදී බව ආසියානු කුසලානයට පෙර ක්‍රීඩා කල තරඟාවලි තුන පුරාවටම පෙන්නුම් කෙරුණා.

ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයේ පන්නරය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අස්වැසිල්ලක් වූ බව නොරහසක්. එමෙන්ම සමාජ මාධ්‍ය හා මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවතක්සේරු කිරීමට අනෙකුත් කණ්ඩායම් කලමණාකාරීත්වයන් හා විස්තර විචාරකයින් දිගින් දිගටම පෙලන බවක් දක්නට ලැබුණි.

නමුත් මේ සියල්ල අකාමකා දමන්නට එක් තරඟයකින් ලද ජය ප්‍රමාණවත් වූවා. බංග්ලාදේශය හමුවේ ලද ජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයට පිවිසුනේ දෙවන වටයේ සිටින දුර්වලම කණ්ඩායම බවට හංවඩු ගැසෙන පසුබිමකයි.

බංග්ලාදේශ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ හා පන්දු යැවීමේ අංශයන් සියල්ලටම විශාල අභිප්‍රේරණයක් වූවා. රිද්මය අත්‍යවශ්‍ය පිතිකරුවන් ලකුණු අතරට පිවිසීමට හොඳම තෝතැන්න බවට එම තරඟය පත් කරගත්තා විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් හට යලිත් සාර්ථක වීමට ඇති හැකියාව හා නායක දසුන් හට හොඳ ඉනිම් කරා යෑමට ඇති හැකියාව එහිදී ප්‍රදර්ශනය කරමින් ඔවුන් තම ඉනිම් දියත් කලා. විශේෂයෙන්ම ඔවුන් තම රිද්මය එම තරඟයේදී සොයාගන්නට සමත් වූ බව සඳහන් කරන්නට පුලුවන්.

පරාජයේ වාඩුව ගත් තරඟය හා ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණ බලඇණියට අවශ්‍ය වූ ස්ථාවරත්වය හා තරඟාවලි ගණනාවක් පුරාවට සොයා ගිය ආරම්භක සුසංයෝගය පළමු වරට එහිදී සාර්ථක වූවා.

ආරම්භක සබඳතාව ලකුණු 62 ක් වද්දී නිස්සංක මෙන්ඩිස් සබඳතාවය ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍ය ගම්‍යතාවය නිර්මාණය කරදී අවසන්. බානුක හා දනුශ්කගේ වගකීම් සහගත පිතිකරණය තරඟාවලියේ පළමු වරට දක්නට ලැබුණු අතර එය තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැවැත්මට ඉවහල් වූ දෙවන සාධකයද වූවා.තරඟය ජයගද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල්,නිස්සංක,බානුක හා දනුශ්කගේ පිත්තෙන් ලකුණු 30 ඉක්මවූ වේගවත් ඉනිම් වාර්ථා විය.

ඇෆ්ගනිස්තානය එක් ඉනිමක් වටා පමණක් ගොඩනැගෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම් හතරක් වටා ගොඩනැඟුණා.එමෙන්ම වනිඳු හා චාමික එක්ව සාර්ථක අවසානයක් ඉනිමට ගෙන දීමට සමත් වූවා. පිතිකරණය එක් ඒකකයක් වශයෙන් තරඟාවලිය සාර්ථකව අවතීර්ණවන්නට අවකාශය මෙහිදී නිර්මාණය කරගත්තා.

මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත පිතිකරණ අංශය හා පන්දු යැවීමේ අංශය සමස්ත ඒකකයක් වශයෙන් තරඟාවලියට පිවිසුණේ දෙවන වටයේ දෙවන තරඟයේදී ඉන්දියාව පරාජය කරමින්.තරඟාවලියේ ඉදිරියට යාමට හා යොවුන් ක්‍රීඩකයින් හට දස්කම් අතරට පිවිසීමට හා අතිරේක ආත්ම විශ්වාසයක් ගොඩනැඟීමට එය හේතු උනා.

එම ජයග්‍රහණයට අඩිතාලම දමන්නට සමත් වූ කුසල් නිස්සංක සුසංයෝගය ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වාර්ථා රැසක් අලුත් කරන්නට සමත් වූවා.මෙනිඩිස් හා නිස්සංක ප්‍රහාරක වේගය 140 ක් ඉක්මවූ අර්ධ ශතක වාර්ථා කරද්දී ඔවුන්ගේ ආරම්භක සබඳතාවය 97 ක් වූවා.එයින් පන්නරය ලැබූ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් භානුක හා දසුන් එක්ව තමන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශය පෙන්නුම් කරමින් කඩුලු 6 ක ජයක් ශ්‍රී ලංකාවට උරුම කරදෙමින් අවසන් මහා තරඟය සඳහා දොරටු විවර කරදුන්නා.

යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකගේ ක්‍රිකට් දිවියට හොඳටම වටිනාකම එක්කගරගන්නට ඔහු මෙම
තරඟයේදී සමත් වුණා. මහීෂ් මෙන්ම චාමික කරුණාරත්නත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවද්දී නායක දසුන් ද තුන් ඉරියව් දක්ශතා දැක්වීමට සමත් විය. මෙවර තරඟාවලියේදී තරඟයේ වීරයා සම්මානය දිනාගත් දෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ දසුන්.

නිදහස් සැහැල්ලු මානසිකත්වයකින් පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවන තරඟයේදී පිටියට පිවිසුණු අතර දනංජය සිල්වාට යලිත් කණ්ඩායමට කැඳවීම් ලැබුණි. අසලංක වෙනුවට කැඳවීම් ලැබූ ඔහු සාර්ථක පන්දුවාර 4 ක කෝටාවක් යොමු කලේ පකිස්තාන පිතිකරණ බලඇණිය සම්පූර්ණයෙන් පරාජයට පත් කරමින්. හසරංග,ප්‍රමෝද් හා මහීශ් හට විශාල සහයක් වූ ධනංජය විස්සයි විස්ස තරඟයක භාග පන්දුයවන්නෙකුට වඩා විශාල සේවයක් කිරීමට ඇති හැකි හැකියාව ඔහු පෙන්නුම් කරන්නට සමත් විය.

කණ්ඩායමේ සයවැනි පන්දු යවන්නා ලෙස ඔහුගේ ආගමනය පන්දු බලඇණියට විශාල අස්වැසිල්ලක් වූවා.එම තරඟයත් කඩුලු 5 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිස්සංක යලිත් සාර්ථක වෙමින් නොදැවුණු අර්ධ ශතකයක් වාර්ථා කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට පිවිසෙන්නේ වසර 8 ක වාඩුව ගැනීමේ අභිලාෂයෙන් කුසලාන පිපාසයක සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිරුළු පළදිද්දී භානුක යලිත් තම ප්‍රියතම ප්‍රතිමල්ලවයන්ට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නව දිශානතියකට ගෙනයාමේ තමන් පෙරගමන් කරුවෙකු බව පෙන්වීය. හසරංග තමා තුල සැඟවුණු පිතිකරුවාගේ භූමිකාව විශිෂ්ඨ අන්දිමින් යලිත් පෙන්නුම් කලේය. භානුක හා හසරංගගේ ඉනිම් යලිත් ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ලකුණු පුවරුවක් දක්වා ගෙන ගියේය. භානුක තමා පෙර සිටි අපරික්ෂාකාරී පිතිකරුවා නොවන බව පෙන්වීය තමා දැන් කඩුලු අතර දිවයාමේ රුසියෙක් බවත් ඉනිමක් ගොඩනැංවිය හැකි විශ්වාසනීය පිතිකරුවෙකු බව පෙන්නුම් කලේය.

හඹායන කණ්ඩායම නිසැක වශයෙන් තරඟය ජයගැනීමට ඇති හැකියාව ඉහල බව හා තණතීරුවේ හඹායෑම් වලට තරඟාවලිය පුරාවට තිබූ සහය හේතුවෙන් පකිස්තාන තරඟය ජයගනු ඇති බව විචාරක මතය වූවා නමුත් මහීෂ් ලබාගත් සාර්ථ පලමු පවර්ප්ලේ අවස්ථාව තුලට පිවිසීමත් ප්‍රමෝද්ගේ සාර්ථක ආරම්භයත් හේතුවෙන් වනිඳු ඇතුලු සෙසු පන්දු යවන්නන් හට පහසුවෙන්ම තරඟය තමන් දෙසට හරවාගන්නට හැකියාව ලැබුණි. ප්‍රමෝද් තම හොඳම පන්දු යැවීම වාර්ථා කරගනිද්දී වනිඳු තම කඩුලු ගොන්නට කඩුලු 3 ක් දමාගත්තා.

තරඟය ලකුණු 33 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම හයවැනි වරටත් ආසියානු කුසලානයක පහස විඳගන්නට සමත් විය.

මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ඒකකයක් වශයෙන් දස්කම් අතරට පිවිසීම දක්නට ලැබුනා.කුසල්-නිස්සංක ආරම්භක සබඳතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මාවතකට දොරටු විවර කරලූවා.යොවුන් වේගපන්දු යවන්නන් සාර්ථක අනාගතයක් තිබෙන බවටද එමෙන්ම ධනංජයද සිල්වා මුල්පෙල පිතිකරුවෙකු මෙන්ම 6 වැනි පන්දු යවන්නා ලෙසටත් භාවිත කලාට පාඩුවක් නොවන බව පෙන්වීය. එමෙන්ම නායකයෙකු ලෙසින් දසුන් කණ්ඩායම තුල ගොඩනැගූ විශ්වාසය හා දසුන් නායකත්වය හේතුවෙන් පමණක් කණ්ඩායමේ රැඳී නොසිටින ක්‍රීඩකයෙකු බව ඔහු පෙන්නුම් කල තරඟාවලියක් වශයෙන් හඳුන්වන්නට පුලුවන්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතක වාර්ථා නොවුන් කඩුලු 5 අවස්ථා වාර්ථා නොවුනු වැඩිම කඩුලු ලාභියා හෝ වැඩිම කඩුලු ලාභියා ශ්‍රී ලංකා කණ්ඩායමේ නොවුන මුත් සමස්ත ඒකකයක් ලෙසින් ඔවුන් ජයග්‍රහණය කරා ගියේය. වැඩිම ලකුණු ලාභීන් 6 දෙනා අතුරින් තිදෙනෙකු ලාංකිකයින් වූ අතර වැඩිම අර්ධ ශතක ගණනක් රැස් කල කණ්ඩායම වූයේද ශ්‍රී ලංකා කණ්ඩායමයි. අර්ධ ශතක 5 ක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කර තිබෙන අතර නිස්සංක කුසල් හා බානුකගේ පිත්තෙන් වාර්ථා වූ අර්ධ ශතක ඒ අතර විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු 150 ඉක්මවා මෙවර තරඟාවලියේදී රැස් කරන්නට සමත් විය. එමෙන්ම වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවට හසරංග පත්වද්දී ඔහුට අමතරව පන්දු යවන්නන් 5 දෙනෙකුම කඩුලු 6 කට වඩා ලබාගන්නට සමත් කම් දක්වා තිබීම විශේෂත්වයක්. කලක් ක්‍රීඩකයන්ට එක් ඒකකයක් වීමේදී සතු නොවූ Consitancy කියන කාරණය යලිත් කණ්ඩායමට රැගෙන එන්නට ඔවුන්ට සමත් විය.මෙය පිතිකරුවන්ටද සිදු කිරීමට හැකියාව ලැබීම තරඟාවලිය ජයගන්නට විශාල අත්වැලක් වූවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟාවලියේ වීරයා මෙන්ම තරඟයේ වීරයා සම්මාන 4 ක් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබාගන්නට සමත් විය.ඔවුන් ඒ තුලින් ක්‍රීඩකයින් පෙරට වඩා තම දස්කම් Match winning performaces බවට පරිවර්ථනය කරගන්නට හැකියාව ඇති බව සෑම ක්‍රීඩකයෙකුම පෙන්වීය.අවසන් වශයෙන් වසර ගණනාවක් පුරාවට දුටු individual performance අභිබවා ඒකකයක් වශයෙන් දස්කම් දැක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන ආ තරඟාවලියක් වූ බව කියන්නට පුලුවන්.

එක් අන්තයක් එක් හොඳ ඉනිමක්, එක් අන්තයක එක් විශිෂ්ඨ පන්දුයැවීමකට සීමා වූ හුදෙකාලා one man shows හමාර කරදමමින් කණ්ඩායමක් තුල ඔවුන් ගොඩනගා ගත් දෑහි ප්‍රතිඵල දැන් භුක්ති විඳින්නට කාලය එලඹ තිබෙනවා.

ජයග්‍රහණය නියමුවෙකු යැයි කීමට එක් පුද්ගලයෙක් නොවූ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේදී ශූරයින් ලෙස කිරුළු පැලඳීම අවසන් වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් හට යලිත් නැගීසිටින්නට අතිශය අවශ්‍ය වූ ජීවය එක් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button