Cricket NewsDomestic CricketEXCLUSIVE

අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේදී දසුන් ශානක යළිත් හිස ඔසවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනය සංවිධානය කරන අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 50 ක් අවසන් වන විට වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන දසුන් ශානක සමත්ව සිටියි.

ලෝක කුසලාන තරගාවලිය නිමාවී දිවයිනට පැමිණීමෙන් අනතුරුව විවේක ගැනීම පසෙකලා සිය ක්‍රීඩා සමාජය වන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග එක්ව පළමු පෙළ මේජර් ලීග් තුන් දින තරගාවලියට ක්‍රීඩා කළ දසුන්, මේ වන විට මේජර් ලීග් එක්දින තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියි.

මේ දක්වා එම තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ දසුන් මහනුවර රේගු (නොදැවී 68), එන්.සී.සී. (නොදැවී 53), සහ බී.ආර්.සී. (76) කණ්ඩායම්වලට එරෙහිව ලබාගත් අර්ධ ශතක 3 ක්ද සමග තරග 5 කදී ලකුණු 252 ක් ලබා සිටියි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 84 ක් ලෙස සටහන් වන අතර ප්‍රහාරාත්මක වේගය 165.78 ක අගයක් ගනී.

මේ වන විට තරගාවලියේ වැඩිම අර්ධ ශතක ලාභියා මෙන්ම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (20 ක්) එල්ල කර ඇති ක්‍රීඩකයා වන්නේද දසුන්ය. බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග රැස්කළ ලකුණු 76, මේ දක්වා ඔහුගේ හොඳම ඉනිම බවට පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button