Cricket NewsEXCLUSIVEIPL

Delhi Capitals කණ්ඩායමට එරෙහිව ලකුණු 16කින් ජයගත් වනිඳුගේ RCB ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථනය දක්වා ඉදිරියට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 27වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට RCB කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Dinesh Karthik පන්දු 34කදී ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වුනා.

Glenn Maxwell ලකුණු 55ක් රැස් කළ අතර Shahbaz Ahmed ලකුණු 34ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shardul Thakur, Khaleel Ahmed, Axar Patel සහ Kuldeep Yadav එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 190ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 173ක් පමණයි

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ David Warner පන්දු 38ක් තුල වෙගවත් ලකුණු 66ක් රැස් කල අතර Rishabh Pant ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී Josh Hazlewood කඩුලු 3ක් බිඳ හෙලු අතර Mohammed Siraj කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button