නම් දැරූ ආරම්භක පිතිකරුවන් පවා අභිබවා විශිෂ්ඨ දස්කම් දක්වන යුධ හමුදා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවා – අශාන් රන්දික

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට කලක පටන් නිත්‍ය ආරම්භක පිතිකරුවන් යුගලක් සොයාගැනීම පහසු කරුණක් වූයේ නැත. විටින් විට ක්‍රීඩකයින් ආදේශ කිරීමත් එක් ආකෘතියකට පමණක් හැඩගැසිය හැකි වූ ක්‍රීඩකයින් හට දිගින් දිගටම අසාර්ථක වීම් මැද අවස්ථාව ලැබීමත් හේතුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස අතිශය සාර්ථක වූ කුසල් මෙන්ඩිස් පිතිකරණ ලැයිස්තුවේ පහලට තල්ලු වීමත් සිදුවිය.
නිස්සංක බොහෝ විට ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කරනු ඇති අතර ඔහු ලද අවස්ථාවන්ට අසාධාරණයක් කලා යැයි කීම අසාධාරණය.
එලඹෙන ලෝක කුසලානය හෝ වේවා ඉන්පසුව හෝ වේවා ප්‍රහාරාත්කම ආරම්භක පිතිකරුවෙකුගේ අවශ්‍යතාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතැයි සිතමි.දේශීය පිටියේ යොඳම විකල්ප අතරට මෑත කාලයේ හමුවන හොඳම විකල්පය අශාන් රන්දික ය.
28 හැවරිදි වමතින් පිත්ත හසුරුවන අශාන් වර්ථමාන යුධ හමුදා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කරයි.ඊයේ දිනේශ් චන්දිමාල් අර්ධශතකයක් වාර්ථා කල තරඟයේදී මුවර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 39 ක් අශාන් වාර්ථා කරේ පන්දු 17 කට පමණක් මුහුණ දෙමිනි.මෙවර අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලියේදී අශාන් තරඟ තුනකදී ලකුණු 129 ක් රැස් කල අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන් වූයේ 43 ක් ලෙසිනි.
168.9 ක ප්‍රහාරක වේගයක් එම ඉනිම් තුල ඔහු රඳවාගන්නට සමත් විය.
අශාන්ගේ සමස්ත විස්සයි විස්ස දත්ත දෙස බලන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ධනුශ්ක ගුණතිලකට හා නිරෝශන් දික්වැල්ලට වඩා සැලකිය යුතු මට්ටමක සාර්ථක බවක් පෙන්නුම් කරයි.
ධනුශ්කගේ හා දික්වැල්ලගේ සාමාන්‍යන් පිළිවෙලින් 26 ක් 21 කි.අශාන්ගේ සාමාන්‍ය 27 කි. විස්සයි විස්ස තරඟ තුලදී අශාන් තම නම ඉදිරියෙහි සටහන් කරගෙන ඇති ප්‍රහාරක වේගය 152.62 කි. එය ධනුශ්කගේ 127 ක් වන අතර දික්වැල්ලගේ 139 කි.
ධනුශ්ක මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලියේ ක්‍රීඩා කල අවසන් ඉනිම් 5 මෙසේය.44,11,42,19,6 එහිදී සාමාන්‍ය 24.4 කි.එහිදී ප්‍රහාරක වේගය 119.8 ක් ලෙස සටහන් වූ අතර වැඩිම ලකුණු සංඛාව වූ ලකුණු 44 රැස් කරන්නට ඔහු පන්දු 49 ක් වැය කලේය.
අශාන්ගේ අවසන් ඉනිම් 5 තුලදී ඔහු 65,25,DNB,DNB,39 බැගින් ලකුණු රැස් කල අතර සාමාන්‍ය 43 කි.ඔහුගේ ප්‍රහාරක වේගය සටහන් වූයේ 152.62 ක් ලෙසටය.
ජාතික කණ්ඩායමට සාර්ථක ක්‍රීඩකයින් දේශීය පිටියෙන් තෝරාගැනීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන්නට යෙදුණු අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයින් හට ජාතික කණ්ඩායමේ දොරටු විවර නොවී පැරණි දස්කම් මතපදනම්ව ක්රීඩකායින් සංචිත තුල ලැගුම් ගැනීම හාස්‍යජනකය.
අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර ඉනිම් 10 තුල එක්වතාවක් පමණක් ලකුනු 20 සීමාව ඉක්මවා රැස් කර ඇති තේරීම් කමිටු සුරතලුන් හට ජාතික සංචිත තුල ඉඩක් වෙන්වීම දේශීය පිටියේ හොඳින් දස්කම් දක්වන ක්‍රීඩකයින් හට කරන්නේ මහත් අසාධාරණයකි.
අශාන් පළමුවැන්නා නොවූවත් තේරීම් කමිටුවේ ඈයන්ගේ ප්රයතමයින් හේතුවෙන් දිගින් දිගටම ක්‍රීඩාව අගාධයකට යනවා මිස ප්‍රේක්ෂකයින් අපේක්ෂා කරන “වසන්තය” බොහෝ දුර වනු ඇත.