Cricket NewsEXCLUSIVE

“මට ලබා දුන් කාර්යය අවසන්, ගිහින් එන්නම්..” – ශ්‍රී ලංකා වේග පන්දු පුහුණු උපදේශක ලසිත් මාලිංග තැබූ සටහන.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති අවසන් තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.
මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා පන්දු බලඇණිය ⁣ඉතා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වු අතර ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මනා ලෙස පාලනය කරගැනීමට ඔවුන් සමත් වුනා.

එහිදී දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු,ලහිරු කුමාර, චාමික කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය ඔස්ට්‍රේලියානු තණතීරු වල දැක් වූ දස්කම් කැපී පෙනුණා.

මේ අතර මෙම තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශකයකු ලෙස එක් වූ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග අද දිනයේදි සිය රාජකාරි අවසන් කරනු ලැබුවා.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය පිළිබඳව සිය නිළ Twitter ගිනුමේ විශේෂ සටහනක් පළ කර තිබුනා.

එහි සිංහල පරිවර්තනයක් පහතින්,

තරගමාලාව ජයග්‍රහණයකින් අවසන් කිරීමට ලැබීම ලොකු සතුටක්. අපේ කණ්ඩායම හොඳට සෙල්ලම් කළා. පසුගිය සති 8 තුළ ශ්‍රී ලංකාවේ තරුණ වේග පන්දු යවන්නන් එක්ක වැඩ කිරීමට ලැබීම සතුටක්. සහජ දක්ෂතා එක්ක ඉදිරියට වැඩ කරන්න තව ලොකු හැකියාවක් තියෙනවා. ඉදිරි ඉන්දීය සංචාරයට මම කණ්ඩායමට සුභ පතනවා. මට ලබා දුන් කාර්‍යය අවසන්, ගිහින් එන්නම්.”

Twitter සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7