Cricket NewsEXCLUSIVE

“තව ලකුණු 15ක් 20ක් වගෙ ශ්‍රී ලංකාව ලබා ගෙන තිබුනා නම් ඊයේ තරඟයේ ප්‍රතිපලය වෙනස් වෙන්න තිබුනා” – වනිඳු හසරංග

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරගයත් කඩුලු 3කින් ජයගත් ඕස්ට්‍රේලියානුවන් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කළා.

තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක් ව සිටියේ වනිඳු හසරංගයි. ඊයේ තරඟයේ දී පිතිකරණයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් තවත් ලකුණු 15ක් 20ක් පමණ ලබා ගත්තේ නම් මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් පැවැති බව එහිදී වනිඳු ප්‍රකාශ කර සිටියා.

ඊයේ තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 125ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 17.5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 126ක් වාර්තා කර ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහිදී Matthew Wade පසුපෙළ පිතිකරු Jhye Richardson හා එක් ව ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා සුරැකිව රැගෙන ගියා.

තරඟයෙන් අනතුරුව වනිඳු ප්‍රකාශ කර සිටියේ තණතීරුව තුළ පන්දුවේ දග කැවීමක් තිබූ නමුත්, තවත් ලකුණු 15ක් 20ක් පමණ ශ්‍රී ලංකාව ලබා ගෙන තිබුණේ නම් තරගයේ ප්‍රතිපලය වෙනස්වන්නට ඉඩ තිබූ බවයි.

තණතීරුවේ දග කැවීමක් තිබූ බැවින් කඩුලු දවා ගැනීම සදහා දග පන්දු යවන්නන් යොදා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් චාමික කරුණාරත්නට මෙම තරගයේ දී පන්දු යැවීමට අවස්ථාවක් නොලැබුණු බවත් මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් වනිදු හසරංග සදහන් කර සිටියා,

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7