Cricket NewsEXCLUSIVE

ආර්ථික අර්බුදයෙන් නැගීසිටීමට ශ්‍රී ලංකාවට සහය දක්වන ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන Steve Smith සහ Mitchell Starc වීඩියෝවක් නිකුත් කරමින් ලෝකයෙන්ම ඉල්ලයි.!

සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාව තුල රැඳී සිටින අතර ඒ විස්සයි-20, එක්දින සහ ටෙස්ට් තරඟ ඇතුලත් මාසයකට අදික කාලයක් පැවැත්වෙන දීර්ඝ තරඟාවලියක් වෙනුවෙනි.

මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ඉල්ලා සිටින ඉල්ලීමකට සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්ව සිටිනවා.

මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඒකාබද්ධ සැලැස්මක් දියත් කළ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ද අද අත්වැල් බැඳගෙන ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව දැනුවත් කරමින් වීඩියෝ පණිවිඩයක් ද නිකුත් කර තිබෙනවා.

එහිදී සමස්ත ශ්‍රීලංකිකයන් වෙනුවෙන් ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් මිත්‍රත්වයේ හස්තයක් දිගු කලේ ශේන් වෝන් සුනාමි උවදුරේදී ලාංකීයයන් වෙනුවෙන් නැගී සිටි අයුරු සිහිකරමිනි.

මේ වසරේ ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මාස හතරක කාලය තුලදී ඔවුන් ශ්‍රී ලාකේය ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 47.2 ක් එක් කරගැනීම මෙම වැඩසටහනේ අරමුණ විය.

ශ්‍රී ලංකාවට ආධාර කිරීමට කැමැත්තක් දක්වන පිරිස පහත Link එක හරහා පරිත්‍යාග කල හැක. >>> https://srilanka.embassy.gov.au/clmb/ResponseSupportforSriLankaEconomicCrisis.html

ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් නිකුත් කල වීඩියෝ පණිවිඩය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button