Cricket GossipEXCLUSIVE

Dating App එකක් ඔස්සේ හමු වී අතවර කලැයි කාන්තාවක් කළ පැමිණිල්ලක් හේතුවෙන් ධනිෂ්ක ගුණතිලක ඕස්ටේලියාවේදී අත්අඩංගුවට.!

මෙවර ලෝක කුසලාන තරඟාවලිය ඊයේ දිනයෙන් අවසන් කල ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ ශ්‍රී ලංකාව බල පිටත් වීමට නියමිතයි. කෙසේ නමුත් ඇති වූ සිද්දියක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනිෂ්ක ගුණතිලක හට අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.

“Dating App එකක් ඔස්සේ 29 හැවිරිදි කාන්තාවක් හමුවී ඇයට ලිංගික අතවර කළ බවට දනිශ්ක ගුණතිලකට චෝදනා එල්ල වී තිබෙන අතර මේ සතිය මුල සිඩ්නි නුවර නිවසකදී මෙම සිදුවීම සිදු වී තිබේ.

ඔහුව ඊයේ රාත්‍රී කණ්ඩායම් රැඳී සිටි හෝටලයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද දින එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.”

මීට පෙර 2018 ජුලි මාසයේ කොළඹ දී ද ඔහුට එරෙහිව මෙවැනිම චෝදනාවක් එල්ල වූ අතර ඒ නෝර්වීජියානු කාන්තාවකගෙන්.

මේ වනවිට ඔහු නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7