Cricket NewsEXCLUSIVE

මහිෂ් තීක්ෂණ නවතම ICC විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වනිඳු හසරංග අසලටම පැමිණෙමින් පළමු දස දෙනා අතරට.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් මීට සුළු මොහොතකට පෙර නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් එළිදක්වා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ නවතම විස්සයි-20 ශ්‍රේණිගතකිරීම හි පළමු දස දෙනා අතරට ඇතුළත් වීමට සමත් වී තිබෙන අතර මහීෂ් තීක්ෂණ පළමු දස දෙනා අතරට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙයයි.

පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ පටන් විස්සයි-20 තරඟ වල මහීෂ් තීක්ෂණ දැක්වූ අඛණ්ඩ දස්කම් ශ්‍රේණිගත කිරීම්හි ඉහළට පැමිණීමට ඔහුට උපකාර වී තිබෙනවා.

මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රෙණිගත කිරීම්හි 8වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මෙම ශ්‍රේණිගත කිරීම්හි 7වන ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම මෙම ශ්‍රේණිගත කිරීමේ තවමත් පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක Josh Hazlewoodවන අතර දෙවන ස්ථානයේ එංගලන්ත ක්‍රීඩක Adil Rashid සහ තෙවන ස්ථානයේ දකුණු අප්‍රිකා ක්‍රීඩක Tabraiz Shamsi පසුවනවා.

එමෙන්ම නවතම විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරන ශ්‍රේණිගතකිරීම් හි පැතුම් නිස්සංක එක් ස්ථානයක් පසුපසට විත් 9 වන ස්ථානයේ රැඳී සිටින අතර තුන්ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි වනිඳු හසරංග 10 වන ස්ථානයේ පසුවනවා.

ICC T20 නවතම ශ්‍රේණිගත කිරීම් පහතින්

ICC විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම විස්සයි-20

ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම

 

ICC විස්සයි-20 තුන් ඉරියව්ශ්‍රේණිගත කිරීම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button